(විනීතා එම් ගමගේ)
මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඉල්ලා ඇති පරිදි රාජකාරි කටයුතු සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරින් හෙට (30) සිට අනුයුක්ත කර තිබේ.
පානීය ජලය සැපයීමේ කටයුතු සිදුකරන දිවයින පුරා ස්ථාපිත කර ඇති සියලූ ජල පවිත‍්‍රාගාරවල කටයුතු අධීක්ෂණය සදහා ජල සම්පාදන මණ්ඩලයේ රාජකාරි කටයුතු සදහා මෙම ෙක්‍ෂත‍්‍ර නිලධාරින් ගෙන් පිරිසක් අනුයුක්ත කර ඇත.
කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති ව්‍යසනකාරි තත්ත්වය පහව යන තුරු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් කොරෝනා වයිරසය තුරන් කිරීමට ක‍්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන් සදහා දායකත්වය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කරන බවත් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවල ඉල්ලීම් හා අවශ්‍යතා මත සේවය ලබා දීමට ඔවුන් යොදවන බව ද අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.