(ඩයනා උදයංගනී)
පොදු ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුව ද එය සිදුවන්නේ කොන්දේසි සහිතව බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බස් රථ හා දුම්රියවල මගීන්ට ප්‍රවාහනය කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් වන අතර මගීන් සිටගෙන යාම තහනම් වේ.
මගීන් සිටගෙන තෙරපී ගමන් කරන අවස්ථාවක කොවිඞ් 19 වයිරස අසාදිතයකු සිටියහොත් ඔහු හරහා තවත් බොහෝ වයිරසයට දෙනකු ගොදුරු විය හැකි බැවින් මෙම පියවර ගෙන ඇත.
වෙනත් දිස්ත්‍රික්කවල සිට පැමිණ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වලට ඇතුළුවීමට මෙතෙක් අවසර නොතිබුණත් ලබන සඳුදා සිට දුර පළාත්වල සිට එන බස්රථ ඇතුළු සියලු බස්රථවලට තමන්ට අදාළ ගමන් මාර්ගයේ සාමාන්‍ය පරිදි ධාවනය කළ හැකි වේ.
මගීන් මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය අතර පෙර දැනුම් දී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුය.
ඒ අනුව දුම්රිය ස්ථානවල, බස් නැවතුම්පලවලදී දෑත් පිරිසිඳු කරගැනීම කළ යුතු අතර එම ස්ථානවලදී මගීන්ගේ ශරීර උෂණත්වය පරීක්‍ෂා කිරීම ආදිය ද පෙර පරිදිම සිදුවේ.
දුම්රිය හා බස් රථවල සිට මාර්ගවලට කෙල ගැසීම ආදී ක්‍රියාවන් ද තහනම් වේ.
පොදු ප්‍රවාහන සේවාවන් සෞඛ්‍යාරක්‍ෂිත අන්දමින් ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයාබැලීම සඳහා ආරක්‍ෂක අංශවල සහය ඉදිරියටත් ලබාගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගින් ආසන ප්‍රමාණයට ගෙන යන එක කොරෝනා නැති වුණත් දිගටම ක්‍රියත්මක කරන්න.. සිටගෙන යන මගින් සංඛ්‍යාව 10කට සීමා කරන්න. මගින් වැඩිපුර සිටින මාර්ගවලට අලුතෙන් මර්ගබලපත්‍ර දීලා බස් වැඩිපුර ධාවනය කරන්න වගබලා ගන්න... කොට කොට අනවශ්‍ය ලෙස හෙමින් යන බස් ගැනත් සොයලා බලන්න.. මේවා පරීක්ෂා කරන්න විටින්විට හමුදාව යොදන්න.. මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගෙන් 90%ක් ඉන්නේ දුෂිත නිලධාරීන් ඔවුන් පගාව ගහන නිසා මේවා හරිහැටි සිදුවෙන්නේ නැත්තේ ඇයි? ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවීමේ වාසිය පොදු ප්‍රවාහන සේවාවලට හෝ දෙන්න බලන්න.
මේ වනවිට වයිරසය සමාජයේ නැතැයි උපකල්පනය කිරීමට පුළුවන්. ඒත්, එය සියයට සීයක්ම ස්ථිරවම පවසන්නට බැහැ. ඒනිසා සැමගේ පරෙස්සම ඉතාමත්ම වැදගත් දෙයක්. ඔය කොහොම කිව්වත්, තවත් ටිකක් කල් යනකොට හිටගෙන පහක්, ඊටත් පසුව හිටගෙන දහයක් ගියාට කමක් නැහැ කියාවි. බස්කාරයන්ට අවශ්‍ය සල්ලි. බොරු ආදරයක් පෙන්නුවාට කීයෙන් කීදෙනාද හොඳ... කොරෝනා ඇතත්, නැතත්, මින් ඉදිරියට සීට් ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම සිදුවිය යුතුමයි. නැතිව, පොල් පටවන්නා සේ පැටවීම කළහොත්, පිටරට සිට හෝ පැමිණි රෝගියෙකු සමග තදවී ගියහොත්, නැවතත් වසංගතය හිස ඔසවාවි. හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව හොඳ බව සිහිතබා ගැනීම වටී...