IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 කට ආසන්න වී ඇත.
අද (27) පස්වරු 6.30 වනවිට දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 49,758ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ ගණන 1,386ක් විය.

ඇෆ්ගනිස්තානයෙන් 1,703ක්, බංග්ලාදේශයෙන් 5,913ක්, ඉන්දියාවෙන් 27,977ක්, මාලදිවයිනෙන් 214ක්, නේපාලයෙන් 52ක්, පාකිස්තානයෙන් 13,328ක් සහ ශ්‍රී ලංකාවෙන් 571ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබිණි.

කොරෝනා වයිරසය හේතුවෙන් දකුණු ආසියානු කලාපයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 884කි.

ඇෆ්ගනිස්තානයෙන් මරණ 57ක් ද බංග්ලාදේශයෙන් 152ක් ද පාකිස්තානයෙන් 281ක් ද වාර්තා වූ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ ගණන 7කි.

මාලදිවයිනෙන් සහ නේපාලයෙන් කිසිදු මරණයක් නොවී තිබීමද විශේෂත්වයකි.


055 



අදහස් (1)

දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

thushara Tuesday, 28 April 2020 03:52 AM

ඉන්දියාව පරීක්ෂණ 665,819 කිරීම නිසයි මෙතරම් රෝගීන් ගණනක් වාර්තා වී තිබෙන්නේ. ඒත් අපේ තවම පරීක්ෂණ 15,240. මාලදිවයිනේ පරීක්ෂණ 5,296. ඒ නිසා කිසිවෙකුටත් සතුටු විය හැකි කරුණක් නැත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site