විනීතා එම් ගමගේ
ගුවන් ගමන් තහනමට පෙර නිවාඩු සදහා පැමිණ යළි සයිප‍්‍රසයට යාමට නොහැකිවූ සයිප‍්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැන් එහි යාමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය කියයි.
කොවිඞ් 19 වයිරසය පැතිර යාමත් සමඟ පැනවුණු සයිප‍්‍රසයේ ගුවන් ගමන් තහනම මේ වනවිට ඉවත් කර ඇති බැවින් එරටට ඇතුල්වීමට හැකියාව ලැබී ඇතැයි කාර්යංශය දන්වා සිටියි.
සයිප‍්‍රසයේ සේවය කිරීම සදහා වලංගු වැඩ බලපත‍්‍රයක් සතු ශ‍්‍රමිකයින්ට තමන් ලබාගත් මාස තුනක නිවාඩුව අවසන් වන දිනය මාර්තු මස 15 න් පසු දිනයක් නම් කිසිදු අවහිරයකින් තොරව යළි එහි යාමට අවස්ථාව හිමි වනු ඇත.
එමෙන්ම ඉකුත් ජනවාරි 01 දායින් පසුව සයිප‍්‍රසයෙන් බැහැර වූ හා තම වැඩ බලපත‍්‍රයේ වලංගු කාලය මාර්තු 15 න් පසු කල් ඉකුත් වී ඇතත් එය අයත් නොවේ නම් සයිප‍්‍රසයට ඇතුල් වීමේ බලපත‍්‍රයක් ඉල්ලූම් කිරීම මගින් එරට රැකියාවකට යාමට අවස්ථාව හිමිවන බව කාර්යංශය කියයි.
මේ සදහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාල සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
වැඩිදුර විස්තර සයිප‍්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් 0035722550030 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවන්න පුදුම හදිස්සියක්... ගෙන්න ගන්න හිතලාවත් නැහැ. යන්න එපා... ලංකාවේ පුම්බාගෙන ඉන්න රජය බලාගනියි.
පඩි ගෙවන්න සල්ලි නැතුව වගේ කට්ටියට ලංකාවේ ඉන්න අයව යවන්න හදන්නේ. මේ ආයතනය වසා දමන්න ඕනේ. බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා..