IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාල්ලෙන් සාගරිකා දුම්රියට මගීන් 56යි

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ලේ සිට කොළඹ කාර්යාලවල රාජකාරී සඳහා යන පුද්ගලයන් සඳහා අද (13) උදෑසන දුම්රිය දෙකක් ගාල්ල දුම්රිය ස්ථානය හරහා ධාවනය කෙරිණි.

බෙලිඅත්තේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය හා සාගරිකා දුම්රිය එලෙස ධාවනය වූ අතර දුම්රිය දෙපාර්තමේන්තු‍ව පවසන්නේ මුහුදු බඩ මාර්ගයේ අළුත්ගම සිට කොළඹ දක්වා ද තවත් දුම්රියක් ධාවනය වූ බවයි.

ගාල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙම දුම්රිය දෙකේ ගමන් කිරීම සඳහා කලින් ඉල්ලුම් කර තිබූ අයට අමතරව එම අවස්ථාවේ දුම්රිය ස්ථානයට පැමිණි කිහිප දෙනෙකුට ද අවස්ථාව ලබා දුන් බවයි.

ඒ අනුව අද (13) උදෑසන ගාල්ල දුම්රිය ස්ථානයෙන් සාගරිකා දුම්රිය සඳහා මගීන් 28 දෙනකු සඳහා ආසන වෙන්කර තිබිණි.

ඔවුන් සියලු දෙනාම පැමිණ සිටි අතර අමතරව පැමිණ සිටි තවත් මගීන් 28 දෙනෙකුට ද දුම්රියේ ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන ලදී.

මගීන් දුම්රියට නැගුණු විට ඔවුන්ට වෙන් කළ ආසනවල දුරස්ථභාවය තබාගෙන අසුන් ගැනීම සඳහා යුධ හමුදාව විසින් සහයෝගය ලබා දෙනු ලැබීය. සෑම මැදිරියකම යුද හමුදා සෙබළු සේවයේ යොදවා සිටි අතර දුම්රියට ගොඩවන මගීන්ගේ ශරීර උෂණ්ත්වය පරීක්ෂා කිරීම ද සිදුකෙරිණි. 



අදහස් (0)

ගාල්ලෙන් සාගරිකා දුම්රියට මගීන් 56යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site