IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’ඇමෙරිකාවේ දේශපාලකයෝ කොරෝනා ගැන බොරු තොරතුරු පතුරවනවා’

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලකයන් "කොවිඩ්-19" වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පතුරමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව කටයුතු කළ යුතු මොහොතක ඇමෙරිකානු දේශපාලකයන් වසංගතයට එරෙහිව චීනය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් "අසත්‍ය" සහ "කුමන්ත්‍රණ න්‍යාය" පතුරුවමින් කටයුතු කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

"කොරෝනා වයිරසය තවමත් පැතිරෙමින් තිබෙනව. එවැනි මොහොතක ඇමෙරිකාව තුළ දේශපාලන වයිරසයක් ද පැතිරෙමින් තිබෙනවා.

එය කනගාටුවට කරුණක්. ලැබෙන සෑම අවස්ථාවකදීම චීනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරනවා" යැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද පැවැසීය.


අල්ජසීරා 

055



අදහස් (14)

’ඇමෙරිකාවේ දේශපාලකයෝ කොරෝනා ගැන බොරු තොරතුරු පතුරවනවා’

බද්රානි Sunday, 24 May 2020 05:25 PM

වෛරසය නිපදවලා, ලෝකෙටම කොරෝනා වෛරසය පතුරවපු චීන්නු දැන් ලෝකෙට බණ කියනවා. චීන කොළණිවල ජීවත්වෙන මොඩයින්ට රස විඳින්න නම්, හොඳයි ඔය වගේ කතා...

:       128       250

රවින්Monday, 25 May 2020 07:44 AM

කරුණාකරලා ඔයිට වැඩිය පුවත් දෙස ඇස යොමන්න. දැනට සති දෙකකට හෝ තුනකට (මතකයේ හැටියට) පුවතක් දැක්කා වෛරසයේ මුල ප්‍රංශයෙන් කියලා. පහුගිය දෙසැම්බර් මස එරට රෝහලක කොරෝනා වයිරස ලෙඩෙකුට ප්‍රතිකාර කලාය කියලා... තවත් පුවතක් දැක්කා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ බෙලිවිල් නගරයේ නගරාධිපති කියලා තියෙනවාලු 2019 නොවැම්බර් මාසයේ තමයි ඔහුට ඉස්සෙල්ලාම හැදිලා තියෙන්නේ කියලා. අපි ඔක්කොම දන්නේ මෙම රෝගයේ එකිනෙකා කියන දෙයින් පමණයි. හොඳ නැද්ද ඇත්ත ඇතිසැටියෙන්ම දැනගන්න එක...?

:       0       36

lakshithaMonday, 25 May 2020 11:24 AM

අම්මපා එතකොට චීනෙත් පිළිගන්න වූහාන් වලින් නෙමේද මේක ආරම්භ වුනේ... ඔන්න බලන්නකෝ රවීන් කියනකම් මුළු ලෝකෙම දැනගෙන හිටියේ නෑනේ මේක... ඔබතුමාගේ ෆොටෝ එකක් යවන්න චීනෙට ඔබතුමාගේ පිළිමයක් මාවෝසේතුං ගාවින් හදලා එහෙ ජාතික වීරයෙක් කරයි...

:       3       0

රවින් Sunday, 24 May 2020 08:03 PM

ගණන් ගන්න එපා. මරුවිකලෙන් කෑ මොර දෙනවා. කොහොමත් ඉතින් ලෝකෙට ලොක්කොනේ. ලෝකෙන්ම හොඳ දේවල් ඔක්කොම ඒගොල්ලන්ගේනේ. හිතේ අමාරුවත් ඇති.

:       6       23

Mama Monday, 25 May 2020 01:20 AM

ඒකට අපේ අය.... කියන්නේ ඇත්‍තමයි. බොරුවක් නිකමටවත් කියන්නේ නැහැ.

:       1       15

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:27 AM

අප මේ ඇමරිකාවට පක්ෂව කතා කරනවා නොවෙයි. හරි,චීනය නිවැරදි නම්, ඇයි ඇමරිකාවේ චෝදනා වලට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද උනේ? චීනය නිදා සිටියාද ? කන් බිහිරි වෙලා තිබුණාද මෙපමණ කලක් ? වයිරසය හැදූ අත්අඩංගුවේ සිටින ඇමරිකානු විද්‍යාඥයා බොරුද කියන්නේ? චීන විද්‍යාඥවරිය වයිරසය චීනෙට ගෙනා බවත්, චීනෙන් ඔහුට විශාල ලෙස මුදල් ගෙවීම ගැන ඇමරිකාව සතු සත්‍ය තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට හැකිනම්,තමන් වැරදි බව ඔප්පු කරන ලෙස හඬක් නැඟුවේ නැත්තේ ඇයි ? ඇමරිකාව දැක්වූ එකම හෝ අභියෝගයකට නිර්භයව මුහුණ නුදුන්නේ මන්ද ? අර සිද්ධියට අදාළ චීන කාන්තාව අත් අඩංගුවට ගන්න බැරි ඇයි ? ඇය ඇමරිකාවේ නොසිටි බව ගුවන් තොටුපොළ හරහා සනාථ කරන්නට නොහැකි ඇයි ? ලොව දන්නේ නැති චීනාගේ රහස් ඇමරිකාව සතුව තියෙනවා.දැන් චීනා බයවෙලා.ලෝක යුද්ධයකට යාම හොඳ නැහැ. ඒත්, ලොවේ බලවත් රටවල් එකතුවෙලා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි.මේක විහිළුවක් නෙමෙයි.හොඳට තිබුණු ලෝකය නැසූ වයිරසයක් ගැන කෙරෙනා පර්යේෂණයක්.ලොවට සත්‍ය හෙළිවිය යුතුයි.

:       165       319

සුපුන් Monday, 25 May 2020 09:26 AM

මොකක්ද කියවපු සුරංගනා පොත මේ දවස්වල..? එහෙම නැත්තන් හොඳ හොලිවුඩ් චිත්‍රපටියක් බලලා... නිකන් හිතළු කියවන්න එපා... හිනායනවා මේවා දැක්කම.. හොඳම වැඩේ ඔය හිතෙන එව්වා ලියන්න පොතක. අඩු ගානේ දවසක කීයක් හරි හොයා ගන්න බැරියැ... හා..හා..හා ....

:       37       1

සපුමල්.Tuesday, 26 May 2020 06:53 AM

ඇත්ත කියවෙනකොට, චීනාට අවාසි දේ කරුණු කාරණා සහිතව එළියට එනවිට නහුතෙට තදවෙනවා නේද මහත්තයෝ ? හිතළු කියන්නේ ඔයානේ. ඔයා නොකියෙව්වාට ඒ පොත හුඟක් අය කියවලායි තියෙන්නේ හොඳේ.

:       0       7

මුණසිංහ Monday, 25 May 2020 01:54 AM

ඇමරිකාව හැමදාම යන්නේ ඔය පාරේ. තමන්ට වූ හානිය නොපෙන්වන්න අනුන්ට ඇඟිල්ල දික් කරනවා. වෛරසය වැලඳිම වැඩියි කියන්නේ තමන්ට අභිමානයක් කියලා කියපු නායකයෙක් ඉන්න රටක්...!

:       246       114

සපුමල්.Monday, 25 May 2020 10:17 AM

මං කිහිප විටෙකම දැක්කා. කොයි වෙලෙත් දඟලන්නේ චීනාව ගොඩදාගන්න. අන්තවාදී නොවෙන්න. දෙපැත්තේම හරි, වැරදි විමසා බලන්න.

:       4       14

මුණසිංහTuesday, 26 May 2020 02:18 AM

පක්ෂග්‍රාහි බව නොව මා කීවේ බොරුද කියා කියන්න....

:       0       0

Kumar Monday, 25 May 2020 02:01 AM

කොරෝනා වෛරසය පටන් ගත්තේ චීනය කියන එක අසත්‍ය තොරතුරක්ද? ඊට වැඩි දෙයක් ඇමෙරිකාවෙ ඉන්න අපට දැනගන්න ලැබිලා නැහැ. ඔයගොල්ලන්ගේ ඒ වසංගතය නිසා ලක්ෂයක් පමණ සෙනගකට ජීවිත අහිමි වුණු එක තමයි රහස.. චීනයට හොඳින් සැලකුවාට ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියා සිතන්න එපා.

:       37       140

Lakshitha Monday, 25 May 2020 06:17 AM

අමෙරිකාව පැත්තකින් තියන්නකෝ. ඇයි ඔස්ට්‍රේලියාව අපක්ෂපාතී පරීක්ෂණයක් තියන්න කියූ ගමන් ඕස්ට්‍රේලියානු බාර්ලිවලට 80%ක බද්දක් ගැහුවේ? ඇයි ඕස්ට්‍රේලියානු භාණ්ඩ හා සේවාවලට වර්ජනය කරනවා කියලා තර්ජනය කරන්නේ? ඇයි චීන අලුත් අවුරුදු ඉවර වෙනකම් බලා හිටියේ පිටරට වලින් ආ මිලියන ගණනක් තමන් ආ රටවලට ආපසු යනකන්ම... ඇයි මිනිසුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝ වෙන්නේ නෑ කිව්වේ?...

:       37       112

රවින්Wednesday, 27 May 2020 07:00 PM

ශ්‍රී ලංකාව කියන්නේ ස්වෛරී රාජ්‍යයක්. එහි වෙසෙන අපිත් ස්වෛරීව සිතිය යුතුය. අන්තර්ජාලය තුලින් අපිටද සෑහෙන තොරතුරු කිසිම අයෙකුට නොදෙවෙනි ලෙස දැකිය හා කියවිය හැකිය. කාගේ කාගේත් දේශපාලන ගේම් වලට අහුනොවී අප අපි විසින්ම කියවා /බලා තීන්දු තීරණ ගැනීම වැදගත් නොවේද?.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31075 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13213 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 33 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site