
මේ වසරේ වස් පිංකම හෙවත් කඨිර චීවර පූජාව, මෙම උතුම් ඇසළ පුන් පොහොය යෙදෙන ජූලි මස 8 වැනි සෙනසුරාදාට යෙදී ඇත. ඒ අනුව ශාක්‍ය මුණි විහාරයේ දායක පින්වතුන් ඒක රාශිවී ජුලි මස 2 වැනි ඉරුදින මහා සංඝරත්නයට වස් ආරාධනා කළහ. එදින ශාක්‍යමුණි විහාරයට පැමිණි බොහෝ පිරිසක් සිල් සමාදන් වුණු අතර ශීල භාවනා වැඩසටහන දහම් කරුණු අවබෝධ කරදීම දහවල් බුද්ධ පූජාව පිරිත් තුන් සූත්‍රය සජ්ඣායනා කිරීම ඇතුළු බොහෝ පිංකම් ආගමික කටුයුතු දවස පුරාම සිදුවිය.
ෙලාවුතුරා බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි මංගල දම් දෙසුම වූ දම්සක් පැවතුම් සූත්‍රය ඉසිපතනාරාමයේදී පැවැත්වුයේද මෙම උතුම් පෝ දිනයේ නිසා ඇසළ පොහොය බෞද්ධ ජනතාවට විශේෂිත පෝ දිනයකි. ශාක්‍ය මුණි විහාරයේ දායක පින්වතුන් විසින් සම්බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාව පූජාකර මහා සංඝරත්නයට, සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ට දානය පිරි නැමූහ.
සැන්දෑයාමයේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ද සජ්ඣායනා කළ අතර ශාක්‍ය මුණි විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් වස් ආරාධනාව ඇතුළු සියලු පුණ්‍ය කටයුතු සිදුවිය.
ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූපය: නදී අනුරුද්දි - රෝමය
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝම ශාක්‍යමුණි විහාරයේ වස් ආරාධනා පින්කම