IMG-LOGO

මිස් ඇමෙරිකා රූප රාජිණියෝ බිකිනි ඇඳුම අත් හරිති

 

ඇමෙරිකා එක්සත් ජනපද රූප රාජිණී තරගයට සහභාගී වෙන රූමතියන් මින්පසු බිකිනියෙන් පෙනී සිටීම නවතා දැමීමට තීරණය කර ඇති බව එම තරග සංවිධායකයෝ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. දැන් වැඩි වැඩියෙන් හෙළිදරව් වෙන කාන්තා ලිංගික අපචාරයට එරෙහි පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එම ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් ය. රූ සපුව කැපී පෙනෙන ආකාරයෙන් තමන් කැමති ඇඳුමකින් ඇමෙරිකානු රූපසුන්දරී තරගයට ඉදිරිපත් වීමට මින්පසු තරගකාරියන් හට නිදහස ලැබෙනු ඇත. 


සංචාරක ආකර්ෂණයක් ලෙස 1920 දී ඇට්ලන්ටික් නගරයේ ඇරඹි ඇමෙරිකානු රූපසුන්දරී තරගයට, ශතකයකට ආසන්න කාලයක් පුරා තරගකාරියන් සහභාගී වියයුතු වූවේ බිකිනි ඇඳුමෙන් ය. රූ රැජින තරගය කාන්තා රූසපුව පිළිබඳ තරගයක් මිස, අඩනිරුවත ප්‍රදර්ශනය කළ යුතු සංදර්ශනයක් නොවෙන බව තරග සංවිධායකයෝ දැන් පිළිගෙන ඇත. ලබන සැප්තැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන මෙම තීරණයට අනුව 2019 ඇමෙරිකානු රූපරාජිනී තරගය සඳහා ඉදිරිපත් වෙන තරුණියන්ට, තමන් කැමති ඇඳුමකින් තරගයට සහභාගී වීමේ වරම ලැබෙනු ඇත. 


ඇමෙරිකාවේ හිටපු රූ රැජිනක වන ග්‍රේෂන් කාර්ල්සන්, ඇමෙරිකානු රූ රැජින තරගය සඳහා සුරූපිණියන් බිකිනියෙන් ඉදිරිපත්වීම වළකාදැමීමේ සටනේ පුරෝගාමියකු වූවාය. ඇය තමන්ට කරන ලද ලිංගික අපචාරයක් පිළිබඳව 2016 දී එවකට ෆොක්ස් මාධ්‍ය ජාලයේ ප්‍රධානියාව සිටි රොජර් අයිල්ස්ට එරෙහිව ඩොලර් මිලියන විස්සක වන්දියක් ඉල්ලා නඩු මගට පිවිසි කාන්තාවකි. එහෙත් මෙම නඩු විභාගය අවසන් වීමට පෙර 2017 වසරේදී රොජර් අයිල්ස් මියගියේය. 

 

 


චාපි කෝසලා මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

මිස් ඇමෙරිකා රූප රාජිණියෝ බිකිනි ඇඳුම අත් හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site