IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ස්වැල්බර්ඩ් සුරක්ෂිතාගාරයේ බීජ වර්ග දස ලක්ෂයක්

නෝර්වේ ස්වැල්බාර්ඩ්හි පිහිටි බීජ සුරක්ෂිතාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බීජ වර්ග සංඛ්‍යාව දශලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ. 
 
ලෝකයේ තිබෙන උසස් තත්ත්වයේ බීජ සුරක්ෂිත කිරීම සඳහා 2008 වර්ෂයේ ස්ථාපනය කරන ලද මෙම සුරක්ෂිතාගාරය අති නවීන තාක්ෂණය යටතේ නිර්මාණය කර ඇති අතර ශීතාගාර තුල විශේෂිත තත්ත්ව යටතේ සුරක්ෂිතව ගබඩා කිරීමට සකස් කර ඇත.
 
"ග්ලෝබල් සීඩ් වෝල්ට්" යන නමින් හඳුන්වන මෙම සංරක්ෂණාගාරයේ ලෝකයේ දුර්ලභ බීජ වර්ග, ප්‍රධාන ධාන්‍ය වර්ග හා අසාමාන්‍ය බෝග වර්ග ගබඩා කරන බව සඳහන් වේ. ප්‍රධාන කුටීර තුනකින් සමන්විත මෙහි එක් කුටීරයක් සම්පූරණයෙන්ම බීජ වර්ග වලින් පුරවා අවසන්ව ඇත.
 
අනාගතයේ යම් දිනක නියඟයකින් හෝ කාලගුණ විපර්යාසයකින් බෝග වර්ග විනාශ වීමකට ලක්වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැන්නක් නිර්මාණය කිරීමට අදහස් කළ බව එහි නිර්මාපකයෝ පවසති. 
 
ලෝකයේ බොහෝ බීජ බැංකු වල සංරක්ෂිත නියැදියන් මෙහි ගබඩා කර ඇති අතර විද්‍යාඥයන් පවසන්නේ මෙහි බීජ වර්ග ලක්ෂ 22ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇති බවයි. 
 
(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

ස්වැල්බර්ඩ් සුරක්ෂිතාගාරයේ බීජ වර්ග දස ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site