මෙරට පරිගණක සාක්ෂරතාව පසුගිය වසර දහයක කාලය තුළ සියයට 11කින් ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2006/2007 වසරවල සියයට 16.1ක් වූ පරිගණක සාක්ෂරතාව දස වසරකින් පසුව එනම් 2015 වසර වන විට සියයට 27.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.නාගරික,ග්‍රාමීය හා වතු අංශ අතරින් වැඩිම පරිගණක සාක්ෂරතාවක් නාගරික අංශයෙන් පෙන්නුම් කරන අතර ස්ත්‍රී,පුරුෂභාවය සැලකිල්ලට ගත් විට පුරුෂ පක්ෂයේ පරිගණක සාක්ෂරතාව ඉහළ අගයක් වාර්තා වී ඇත.
අන්තර්ජාලය භාවිත කරන ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර සෑම පුද්ගලයින් සිය දෙනෙකුගෙන්ම 9 දෙනෙකු එක් වතාවක් හෝ විද්‍යුත් තැපෑල භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙරට වැඩ කරන ජනගහණයේ පරිගණක සාක්ෂරතාව සියයට 52ක් වන අතර රැකියා විරහිත ජනගහණයේ සාක්ෂරතාව ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව සඳහන් වේ.
COMMENTS
සාක්ෂරතාවය අඩු වැඩි වුණා කියලා ලැජ්ජාවට හෝ උඩඟු වීමට අවශ්‍ය නැහැ. අපේ දිස්ත්‍රික්කයේ මිනී මැරුම් හොරකම් ආදී අපරාධ වැඩිනම් විතරයි මම නම් ලැජ්ජාවට සහ දුකට පත් වන්නේ.(ම)
මේ ගැන ගොඩක් සතුටුයි.(හේ)
අනේ නුවන්, විද්‍යුත් තැපෑල කියන්නේ මුණු පොත පමණක්ම නොවේ. (ර)
මේවා හොද දේට පමණක් භාවිත කළ යුතුයි. අනෙක් එක මේ වැඩෙන් මිනිසුන්ගේ දැනුම හා පරිණත භාවය දියුණු වෙන්නේ නැහැ කියලයි මගේ අදහස. අද බොහොමයක් උගතුන්ට ඉලක්කම් කීපයක් එකතු කරගන්නත් එකතු කරණයක් අවශ්‍යයි. මම දන්නේ නැහැ අද ළමයින්ට ගණිත චක්කරය පුලුවන්ද කියල? (බ)
නිදහසේ ඕනෑම දෙයක් ලියන්න තියන අවකාශය හින්දාම අපේ රටේ පරිගණක සාක්ෂරතාව පුදුම විදිහට ඉහළගොස් තිබෙනවා කියලා නම් පැහැදිලියි. ආයේ කතා දෙකක් නැහැ, තව ටික කාලෙකින් ලෝකයෙන්ම අංක එකට අපේ අයට එන්න බැරිකමකුත් නැහැ. (නි)
අපේ ඩිජිටල් ඇමතිතුමාගේ දිස්ත්‍රික්කය නේද අඩුම ප්‍රතිශතය. පොඩ්ඩක් විතර ලැජ්ජා වෙන්න ඕනෑ කාරණයක්
මුණු පොත බැලීමේ හැකියාව පමණද සලකල තියෙන්නේ (බ)