“වටිනා කියන මිනිස්සු ගැන අපි අපේ මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න ඕනෑ. ඒකට මගෙන් දීපු පුංචි තෑග්ගක් කියලා හිතා ගන්නකෝ.”
අපේ කර්තෘ මහතාත් ඡායාරූප ශිල්පියාත් ඉන්ධන නොමැතිව නතරවී තිබුණ මෝටර් රථයට හේත්තු වී බලාගෙන සිටින අයුරු මම දුර සිටම දැක ගත්තෙමි. දකුණත බරට ගෙන ආ බැරලය දුටු ඔවුහු මවිතයට පත්වූහ.
“කොහෙන්ද අප්පේ මේක හොයා ගත්තේ?”
“සර් ජෝන්ගේ යාළුවෙකුගෙන් මට ලැබුණ තෑග්ගක්”
පොදු මහජනතාව එදා කාලයේත් සර් ජෝන් සතුව පැවති විශිෂ්ටතා ගැන පුදුමාකාර පැහැදීමක් තිබුණි. එසේ නොවන්නට එදින අපට මහ මගට වී දින කිහිපයක් වුවද ගත කරන්නට තිබුණි.
පත්තර කලාව මිනිසුන්ගේ හද ගැස්ම පිළිබිඹු කරන ප්‍රති නිර්මාණයක් බව මා දැන ගත්තේ සර් ජෝන් ඇසුරු කිරීමෙනි. සුරගනා කතාවක් පරිද්දෙන් යථාරූපී භාව ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි වුවද පාඨකයන් අපට වඩා ඉදිරියෙන් සිටින බව හෙළිකර ගත්තේ අප ලියූ දෑ පුරසාරම් නොවූ නිසාය.
නිතර නිතර සර් ජෝන්ගේ නිවෙසට වී කතාබහ කරන අතරතුරේ පැමිණ සිටි එක් පුද්ගලයෙකු සතුව සාමාන්‍ය පුද්ගලයකුට වඩා විශේෂත්වයක් වූ හෙයින් මම ඒ ගැන විමසිලිමත් වීමි.
උඹට කලින් මේ මගේ ගෝලයා අහල නැද්ද ආනන්ද තිස්ස ද අල්විස් කියන මනුස්සයා. ඒ කාලෙ ඉඳල මගේ හැම ලියුමක්ම ලියුවෙ මෙයා තමයි. හොඳ මොළයක් තියෙනවා. ඒත් මේ මිනිහට මට වගේ දුවල පැනල වැඩ කරන්න එහෙම බෑ.”
අපි කතා කරන අතරවාරයේ අසල්වැසි ගෙදරක වුවද හැමදාම උදය කෑම වේලට දායක වන වැඩිහිටි කෙනෙකු පැමිණ සිටියේය. නෝන්ජල් ස්වරූපයෙන් වටපිට බලමින් තමන්ට වූ ඇබැද්දිය ගැන කතා කරන්නට අවසරයක් ලැබෙන තුරු ඔහු බලාගෙන සිටියේය.
“අපි මේ පරණ කයිවාරුවක් ගහනවා. මොකද උඹ බිරන්තට්ටුවෙලා. බය නැතුව කතා කරපන්”
“අනේ හාමුදුරුවනේ මම ආවෙ කාර් එකක් ඉල්ලගන්න කියල හිතාගෙන”
“කාර් එකක් ඒ මොකටද?”
මගේ පවුලට ළමයෙක් හම්බවෙලා. අද හවස ටිකට් කපනවා. ඒකයි මම ඔබතුමාට කියන්න ආවේ”
“සර් ජෝන් තිගැස්සී තමා හිඳ ගෙන සිටි හාන්සි පුටුවෙන් නැගිට ගත්තේය. තම සේවක කර්තේලිස්ට කතා කළේය.
“ගෙනෙන් මගේ පොකැට් එක”
උඩුමහලට නැග පැමිණි කර්තේලිස් සර් ජෝන් අත මුදල් පසුබිම්බිය තැබුවේය.
“මෙහෙ වරෙන් කලබල වෙන්න එපා. උඹටනේ අමාරුව. දැන් උඹේ පවුලටයි අමරුවෙලා තියෙන්නේ. ඔය පාරෙ යන කසිකබල් කාර්වල කිරිසප්පයෙක්ව එක්කරගෙන එන්න පුළුවන් ද? පලයන් මගේ කාර් එකෙන්. මෙන්න රුපියල් පන්සීයක්. උන්ට මොනව හරි අරගෙන දීපන්. හැබැයි පුතෝ උඹ මගේ කාර් එකේ ගියාට ඉස්සරහ ගහල තියෙන කොඩිය ගලවා දාගෙන යන්න ඕන. නැත්නම් පාර දිගේ ඉන්න උන් උඹටත් සැලියුට් ගහවි.”
සර් ජෝන් මහ හඬින් සිනාසෙන්නට විය. උන් හැමදාම මං ළඟ වැඩ කරන එවුන්. ඉඳල හිටල මේ කඳවලට එනව නේ. අරුම පුදුම එවුන්. වැඩියක්ම එන්නේ කෙල්ලො කොල්ලො උන්ට නිදහසේ කතා බහ කර කර ඉන්න තුරුල් වෙලා ඉන්න තැනක් මේ කිට්ටුව පහත නැහැනේ. මම අර ඇළ පාර ඉස්සරහා පුංචි පාලමක් හැදුවා. උන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතිව වටපිට ගණන් කාරයොත් බලාගෙන ඉන්නවා. අර මගෙන් කාර් එක ඉල්ලන්න ආපු මිනිහ දැක්කනේ. ඒ වගේ පාහර වැඩ කරන උන් අල්ලගෙන ඇවිල්ල මං ඉස්සරහට ගෙනැල්ල දෙන්නෙ ඒ මිනිහ තමයි”
වයස අවුරුදු අසූ දෙක පසුකරමින් සිටියද සර් ජෝන් දඟකාර තරුණවියේ සිටින තරුණයෙකු මෙන් හැසුරුණු අවස්ථා ද එමටය. ඒ වන විට සර් ජෝන් පරිහරණය කළේ 5 ශ්‍රී 1 නොම්මරය සහිත සුඛෝපභෝගී මෝටර් රථයකි. එහි දෙපැත්තේ සවි කළ කොඩි දෙකකි. එකක සටහන්ව තිබුණේ “සිය රටටමයි කවදත්” යන්නය. අනෙක් පස වූ කොඩියෙහි ඔහුගේම රාජ්‍ය ලාංඡනය සටහන්වී තිබුණි. දවසක් දා හිටිහැටියේ වරෙන් මාත් එක්ක ගමනක් යන්න යැයි කියා මෝටර් රථයේ මා නංවාගෙන ගියේ මාලේවන ඤාණිස්සර හාමුදුරුන්ගේ බෙහෙත් ශාලාවටය.
අපහසුවෙන් මෝටර් රථයෙන් එළියට බහින්නට හදන සර් ජෝන් දුටු මාලේවන නායක හාමුදුරුවෝ ඉදිරියට පැමිණියහ.
‘දැන් ඔබතුමාට සනීපයි වගේ.
“සනීප තමයි. ඒත් තමුන්නාන්සෙ මට කරපු උදව් කවුරුවත් දන්නේ නැහැනේ. මේ මාත් එක්ක ඇවිත් ඉන්න කොල්ල තමයි මං ගැන පත්තරේට ලියන්නේ. ඒක එක එක අතුරු ප්‍රශ්න එහෙමත් අහනවා. නායක හාමුදුරුවොම කියන්න මට ඒ දවස්වල හදල දීපු නොම්බර හතරේ අරිෂ්ට බෝතලේ ගැන”
“හරි හරි මම ඒ කතාව මෙයත් එක්ක කියන්නම් පස්සෙ වෙලාවක”
අපි එතැනින් පිටත් වීමු. ඒ යන අතරතුර කතා කළේ හාමුදුරුවන් ගැන වූ පරණ කතාවන්ය.
මම හාමුදුරුවන්ට ගරු කරන මිනිහෙක්. දවසක් රැස්වීමකදී මට කියැවුණා හාමුදුරුවන්ගේ පිටේ තාර ගාන්න ඕනය කියලා.
පත්තරවල ලොකු පොල්ගෙඩි අකුරෙන් ඒක පළ වුණා. මම කිව්වෙ ඔක්කොම හාමුදුරුවරු ගැන නෙවෙයි. කුපාඩිකම්, වලත්තකම් කරන සිවුරු දාගත්ත එවුන් ගැන. මම බුද්ධාගම ගැන හොඳට කියවලා තියෙනවා. බුදුහාමුදුරුවරුන්ගේ කාලෙත් හිටියනෙ බලුවැඩ කරන හාමුදුරුවරු. ඒක හින්දනේ පරාජිකා පාලිය ලියැවිලා තියෙන්නේ. ඒවයෙන් වැඩක් නෑ. හෙට පලයන් මාලේවන හාමුදුරුවො ළඟට. හැබැයි පත්තරේට එහෙම ලියනව නොවෙයි.
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මගේ කොඩිය ගලවගෙන කාර් එකේ පලයන්