IMG-LOGO

හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)


ඕනෑම වැඩක් නොකර සිටීමට හැකි තරම් හේතු සොයන පිරිස් සිටිති. මේ එබන්දකුට අයත් කතාවකි.


 නිමල් විසි හැවිරිදිය. ඔහුට යුද හමුදාවට බැඳීමට ආශාවක් ඇතිවිය. ඒ කාලයේ උතුරේ යුද්ධය දරුණු ලෙස පැවතිණි. ‘රට වෙනුවෙන් යුතුකමක් ඉටුකළ යුතු’’ යයි  ඔහු සිතුවේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් හමුදා විරුවන්ගේ දස්කම් විස්කම් නරඹමින් සිටින අතරතුරදීය. 


හමුදාවට බැඳීමට ආශාවක් ඇති වුවද ඔහුට එපමණට බයක්ද විය. එහෙයින් ඔහු බැලුවේ හමුදාවට නොබැඳි සිටින්නේ කෙසේද කියාය.  ඒ අනුව ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේය. ඒ මෙසේය. ඔහුට හැම මොහොතේදීම ප්‍රශ්න දෙක බැගින් මතුවිය.


‘‘හමුදාවට  බඳවා නොගත්තොත් ප්‍රශ්නයක් නෑ. නමුත් හමුදාවට බඳවා ගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ‘ෆයිටින්’  යුනිට් එකකට බඳවා ගනීද’’ ‘සප්ලයි’ යුනිට් එකකට බඳවා ගනීද?


සප්ලයි යුනිට් එකකට බඳවා ගත්තොත්  නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ෆයිටින් යුනිට් එකකට බඳවා ගත්තොත්  ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ කොළඹ කෑම්ප් එකක  තියයිද? යාපනයට යවයිද? කියලා.


 කොළඹ තිබ්බොත් නම් ප්‍රශ්නයක් නෑ. යාපනයට යැව්වොත් ප්‍රශ්න දෙකක් එනවා. ඒ යාපනේ ඔෆීස් එකක තියයිද? යුද පෙරමුණට යවයිද? කියලා. ඔෆීස් එකක ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. යුද පෙරමුණට යැව්වොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ඉදිරියෙන් යන්න වෙයිද? පිටිපස්සෙන් යන්න වෙයිද? කියලා.


පිටි පස්සෙන්නම් යන්න ප්‍රශ්නයක් නෑ හැබැයි ඉදිරියෙන් නම් යන්නේ ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ වෙඩි වදීද? නොවදීද? කියලා. වෙඩි නොවැදුණොත් ප්‍රශ්නයක් නෑ. වෙඩි වැදුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ තුවාල වෙයිද? මැරෙයිද? කියලා
 තුවාල වුණොත් නම් ප්‍රශ්නයක්  නෑ හැබැයි මැරුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ආදාහනය කරයිද? භූමදානය කරයිද? භූමදානය කළොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ආදාහනය කළොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ මගේ අළු ටික ගඟක මුහුදක පා කරලා යවයිද?’’ උඩු ගුවනේ විසුරුවා හරිද කියලා.


ගඟක මුහුදක පා කරලා යැව්ව නම් ප්‍රශ්නයක් නෑ. උඩුගුවනේ විසුරුවා හැරියොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ අළු ටික කාටවත් යන්න බැරි තැනකට වැටෙයිද? පිදුරු ගොඩක් උඩට වැටෙයිද කියලා. කාටවත් යන්න බැරි තැකට වැටුනොත් ප්‍රශ්නයක් නෑ. පිදුරු ගොඩක් උඩට වැටුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා.


 ඒ පිදුරු හරකෙක් කයිද? කඩදාසි හදන්න ගනීද කියලා. හරකෙක් කෑවට  ප්‍රශ්නයක් නෑ. කඩදාසි හදන්න ගත්තොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.’’


ඒ කඩදාසිවලින්  පත්තර හදයිද? ටොයිලට් පේපර් හදයිද? කියලා. පත්තර හදන්නනම් ගන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ටොයිලට් පේපර් හදන්න නම් ගන්නේ ඒ වගේ දෙයකට මම මොකටද හමුදාවට බැඳෙන්නේ කියලා හිතලා නිමල් හමුදාවට බැඳීමේ තීරණය අත් හැරියා. 

 



අදහස් (0)

හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 265 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 794 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site