දවසේ වැඩ අවසන් කළ කරණවෑමියා අඩියක් ගැසීය. එය මදිවිය. තවත් අඩියක් ගැසීය. එය ද මදිවිය. ඊළඟ අඩිය ද ගැසීය. කෑලි කැපෙන කළුවර හැම පැත්තෙන්ම මතුවිය. ඔහු ගෙදර බලා ගියේය. ”ගුණවතී..... ගුණවතී.... මං ආවා දොර අරින්න.....” බල්ලෙක් බුරන්නට විය. ඒ ශබ්දයට තවත් බල්ලෝ බුරන්නට වූ. කරණවෑමියා දිව්වේය. බල්ලෝ ඔහු හඹා ගියහ. හති දමා දිවූ කරණවෑමියා කරුවලේම පාර අයිනේ වළකට වැටුණේය. බල්ලෝ වළ වටේට වී බුරන්නට වූහ.
බල්ලන්ගේ ශබ්දයට ගමේ පිරිසක් එහි ආහ.

මුලින්ම බිරූ බල්ලා හිමි ගැමියාත් ආවේය. සියලූ දෙනා ඔහු ගොඩට ගත්හ. බල්ලා අයිතිකරු හඳුනා ගත්තේය. ඔහුට කාරණය ද තේරුණේය.
කරණවෑමියා වෙරි මරගාතේ ගොස් ඇත්තේ ඔහුගේ ගෙදරට නොවේ. තට්ටු කළෙත් ඔහුගේ ගෙදරට නොවේ.