IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සුනාමියෙන් බේරෙන්න බසයට නැග්ග තරුණියන්ට කොන්දොස්තරගෙන් සුනාමියක්

සුනාමියක් පැමිණෙතැයි බියක් ඇතිවූ දා සිදුවූ අපූරු සිදුවීමකි. සුනාමි බිය පැවැති සවස් යාමයේ කොළඹින් හෝමාගම පෞද්ගලික බසයකට ගොඩවූ තරුණියන් දෙදෙනෙකි.  බසය මගීන්ගෙන් පිරී තිබුණු අතර ඔවුන් දෙදෙනාද බසයට නැග ගත්තේ ඉතාමත් අසීරුවෙනි. කොන්දොස්තර තැන එදා ටිකට් පත් නිකුත් නොකළ අතර මුදල් ලබාගත්තේ මගීන් බිමට බැසීමෙන් පසුවය. තරුණියෝ දෙදෙනාද තම ගමනාන්තයට පැමිණීමෙන් පසු බසයේ ඉදිරිපස දොරටුවෙන් බිමට බැසගත්හ. වහා පසුපස දොරටුවේ සිට දුවගෙන ආ කොන්දොස්තර, රුපියල් පන්සීයක් දෙන්නැයි තරුණියන් හට කීය. පුදුමයට පත් එක් තරුණියක් ”කොළඹ ඉඳන් මෙතන්ට එක්කෙනකුට රුපියල් විසි හතරයිනේ” යැයි පැවසුවාය.  එවිට කොන්දොස්තර ”මිස්ලව සුනාමියෙන් බේරගත්තට තමයි රුපියල් පන්සීයක් ඉල්ලූවේ” යැයි ඇඟට පතට නොදැනී පැවසීය. රුපියල් පනහක් තම මුදල් පසුම්බියෙන් ගත් තරුණිය එය බසය තුළට විසිකර ”ඔහොමත් ගසාකාලා මුහුද පැත්තෙන් නම් යන්න එපා. සුනාමියක් ඇවිත් අරගෙන යාවි” යැයි කියමින් මිතුරියද සමගින් පිටවූවාය.



අදහස් (0)

සුනාමියෙන් බේරෙන්න බසයට නැග්ග තරුණියන්ට කොන්දොස්තරගෙන් සුනාමියක්

රුෂි Wednesday, 16 May 2012 07:25 AM

නියමයි, ඔතන හිටියනම් 500 ක් 1000 ක් දෙනවා.

:       0       0

අලිබබා Tuesday, 15 May 2012 07:07 PM

ඒ කොන්දොස්තර කොලුව විහලුවක් කොරල තියෙන්නේ. ඒකට ඒ නංගිල දෙන්නට තද වෙලා.හෙහ් හෙහ් හෙහ්

:       0       0

බස් ඩයිවර් Tuesday, 15 May 2012 08:43 PM

එල කොල්ලෙක් නේ.

:       0       0

සිසිල Tuesday, 15 May 2012 08:47 PM

නියමයි නංගි

:       0       0

කේ Tuesday, 15 May 2012 08:52 PM

රුපියල් 500ක් දුන්න නම් යසට ගනීවි

:       0       0

ලාල් ගලබඩ.... Wednesday, 16 May 2012 11:10 AM

කාරුණික ඉල්ලීමක්‌,.... කොන්දොස්‌තර,රියදුරු,මහත්වරුනි.මෙවැනි අවස්‌ථාවක හෝ තම ස්‌වාමියාගෙන් බැනුම් ඇහුවත්,එක ගමන් වාරයක්‌ හෝ මිනිසුන් රැගෙන ගමනාන්තයට ගොස්‌ ඇරලවන්න.නැවතත් ඔබලාගේ බසයේ යන්න එනවාමයි,දීර්ග කාලීන ලාභයක්‌.බැන්නත් වාහනයේ අයිති කරුටත් ඇස්‌ ඇරෙන දෙයක්‌ වේවි,ස්‌තුතියි

:       0       0

ටී.ඒ.ආර්.එස්. Tuesday, 15 May 2012 11:00 PM

නියම විහිළුව

:       0       0

අසංක Tuesday, 15 May 2012 11:51 PM

එහෙම කියන්න අපා මල්ලී දොස්තර විභාගෙන් පාස් වෙන්න බැරුව කොන්............ වුනාට, සුනාමියක් නෙවෙයි පුංචි ගංවතුරෙත් ගිහින්.

:       0       0

අසංක Tuesday, 15 May 2012 11:53 PM

කොන් දොස් තර මහත්තයෝ ලොකු ගස් යටින් නම් තනියම යන්න එපා. වැහි නැති හෙන පහත් වේවි.

:       0       0

චම්පා අයිරාංග Thursday, 17 May 2012 09:07 AM

සුනාමිතයත් විකුණල හරි සල්ලි ගන්න තමයි උත්සාහ කරන්නේ. මෙහෙමත් මිනිස්සු

:       0       0

අමිල කටුනායක Wednesday, 16 May 2012 06:04 AM

කුඩයක් සෙරෙප්පුවක් තිබුණෙ නැද්ද නංගී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site