එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණි.

එක් වෙළෙඳ සලක් විවෘතව තිබෙනු දැක, වෙළඳසලේ හිමිකරුගෙන් ඇන්ටනා ජැක් තියෙනවාදැයි ඇසීය. ඔව් තියනවා ප්ලාස්ටික් එක හැටයි. නිකල් එක සීයයි හිමිකරු පැවසීය.

නිකල් එක අඩු නැද්දැයි ඇසූවිට ඕවා අපිට දාන්නේ අනූවට රුපියල් දහයක ලාබයක් වත් තියෙන්න ඕනේ. හිමිකරු පැහැදිලි කළේය. රුපියල් සීයක් ගෙවා එය මිලදී ගත් ඔහු පිටවිය. නගරයට පැමිණි ඔහු වෙළෙඳසල් සියල්ලම විවෘතව තිබෙනු දැක විදුලි උපාංග වෙළඳ සැලකින් විදුලි බල්බයක් මිලදී ගත්විය ඇන්ටනා ජැක් එහිද තිබෙනු දැක ‘‘නිකල් ඇන්ටනා ජැක් කීයදැයි’’ ඇසීය ‘‘රුපියල් හතළිහයි’’ පැවසිනි.

එකක් මිලදී ගත් හෙතෙම ගියේ පෙරදින ජැක් එක මිලදී ගත් වෙළඳ සලටය. එහි හිමිකරු වෙළඳසලේ සිටිනු දැකගත හැකිවිය. බලනවා ඊයේ මම මේ ජැක් එක මෙතනින් ගත්තේ රුපියල් සියයකට. ඒකම එහා කඬේ රුපියල් හතළිහයි. යනුවෙන් කොපයෙන් පැවැසීය. බියවූ වෙළඳසැල් හිමිකරු ‘‘මේකේ ගෝලයා ඔය වගේ මෝඩ වැඩ තමයි කරන්නේ. ඕක රුපියල් හතළිහයි. මෙන්න මහත්තයාගේ ඉතිරි රුපියල් හැට.

ගෝලයා ආපු දෙන්කෝ හොඳ වැඩක් කරන්න. යැයි පැවසීය. පාරිභෙෘ්ගිකයා ආපසු එන ගමන් හිතවතෙකුට මෙසේ පැවැසීය.