IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මවගේ පැන්ෂන් පඩියට බහිරවයෙක් අරක්ගෙන

පුතයි ලේලියි ජීවත්වූයේ මවගේ නිවසේය. පුතා රැකියාවක නියුතුවූ අතර ලේලිය ඇඳුම් මසමින් මුදල් උපයන්නට වූවාය. මවටද විශ්‍රාම වැටුපක් ලැබිණි. ඇයගේ විශ්‍රාම වැටුප එන්නේ බැංකුවටය. ඇයගේ පහසුව තකා ඇයට ඒ.ටී.එම්. පතක් ගන්නා ලෙස පුතාත් ලේලියත් පැවසූ නිසා ඇය බැංකු කාඞ් පතක්ද ගෙන තිබිණි. මව අරපිරිමැස්මෙන් කටයුතු කරන්නියක වූ නිසා මාසිකව තම විශ්‍රාම වැටුපෙන් ලබා ගත්තේ රුපියල් පන්දහසක් පමණි.


මවගේ කාඞ් පතේ රහස්‍ය අංකය දැනසිටියේ පුතා සහ ලේලිය පමණි. දිනක් පුතා ඔහුගේ අත්‍යවශ්‍ය කටයුත්තකට රුපියල් දසදහසක් අවශ්‍ය බව මවට පැවසීය. මව තම බැංකු කාඞ්පත ඔහුට දුන්නාය.


තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට පසුගිය දිනෙක මව බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගෙන ඉතිරි මුදල පරීක්‍ෂා කිරීමේදී රුපියල් විසි දහසක් අඩු බව දැනගන්නට ලැබිණි.


මව ලුහුඬු ලදුපතක් යන්ත්‍රයෙන් ලබාගෙන පරීක්‍ෂා කළවිට දුටුවේ මුදල් ලබා ගැනීමට කාඞ් පත දුන් දිනයේ පුතා රුපියල් දස දහස වෙනුවට රුපියල් තිස් දහසක් ගෙන ඇති බවය.


මව බැංකුවට ගොස් තමාට බැංකු කාඞ් පතක් අවශ්‍ය නොවන බවත්, එය අවලංගු කරන ලෙසත් ඉල්ලා සිටියාය.


මේ පිළිබඳව පුතාට කිසිවක් නොකීමට ඇය වග බලා ගත්තාය. කොළඹට නුදුරු නගරයක සිදුවූවකි.
(ක්‍රිස්ටෝපර් සීපියන්)



අදහස් (1)

මවගේ පැන්ෂන් පඩියට බහිරවයෙක් අරක්ගෙන

sampath Tuesday, 06 August 2019 12:08 PM

දෙමාපියන්ගෙන් යැපෙන තරමට දරුවන්ගේ ආර්ථිකය පිරිහීම එක ආකාරයක රටේ ආර්ථික පරිහානියේ පැතිකඩක්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site