දකුණු පළාතේ නගරයකට ආසන්න ක‍්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු අවශ්‍ය බඩු ගන්නේ මේ වෙළෙඳ හලෙනි. එහෙත් මුදලාලිට ඔහු ගැන කිසියම් සැකයක් ඇතිවූයේ බඩු ගන්නා අතරතුර එහි වූ ආහාර වර්ග හොරෙන් සාක්කුවේ දමා ගන්නේය යන සැකයයි. බැලූ බැල්මට වැදගතකු ලෙස පෙනුණු නිසා මේ හොරකම අතටම අල්ලා ගැනීමට සිතූ ඔහු තම පුතාටද මේ ගැන කියා තිබුණි. පසුගියදා වෙළෙඳසලට ආ ඔහු ඉල්ලූ බඩු තම පියා කිරාදෙන අතරතුර අසල බෑගයක වූ බිත්තර දෙකක් ඔහු සිය කොට කලිසමේ සාක්කුවට දා ගන්නවා පුතා පැහැදිලිවම දුටුවේය. ඔහු ළඟට ගිය මුදලාලි පුත‍්‍රයා ඔහු සමඟ කී‍්‍රඩා කටයුතු ගැන කතා කරමින් සිටින අතර ”වයසට ගියත් අංකල් මාර ක‍්‍රීඩකයෙක් නේ” කියමින් ඔහුගේ කලිසම් සාක්කුවේ පැත්තට තට්ටුවක් දැම්මේ තරමක වේගයෙනි. බලාපොරොත්තු නොවූ එම පහරින් බිත්තර බිඳී එහි සාරු කොට කලිසම දිගේ පහළට ගලද්දි ඔහු කඩිනමින් වෙළෙඳ සලෙන් පිටව ගියේ කිරන ලද බඩු ටිකවත් නොගෙන බව ගම පුරා ප‍්‍රචාරය වීමට ගත් වූයේ මොහොතකි.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd