IMG-LOGO

මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා

දකුණු පළාතේ නගරයකට ආසන්න ක‍්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු අවශ්‍ය බඩු ගන්නේ මේ වෙළෙඳ හලෙනි. එහෙත් මුදලාලිට ඔහු ගැන කිසියම් සැකයක් ඇතිවූයේ බඩු ගන්නා අතරතුර එහි වූ ආහාර වර්ග හොරෙන් සාක්කුවේ දමා ගන්නේය යන සැකයයි. බැලූ බැල්මට වැදගතකු ලෙස පෙනුණු නිසා මේ හොරකම අතටම අල්ලා ගැනීමට සිතූ ඔහු තම පුතාටද මේ ගැන කියා තිබුණි. පසුගියදා වෙළෙඳසලට ආ ඔහු ඉල්ලූ බඩු තම පියා කිරාදෙන අතරතුර අසල බෑගයක වූ බිත්තර දෙකක් ඔහු සිය කොට කලිසමේ සාක්කුවට දා ගන්නවා පුතා පැහැදිලිවම දුටුවේය. ඔහු ළඟට ගිය මුදලාලි පුත‍්‍රයා ඔහු සමඟ කී‍්‍රඩා කටයුතු ගැන කතා කරමින් සිටින අතර ”වයසට ගියත් අංකල් මාර ක‍්‍රීඩකයෙක් නේ” කියමින් ඔහුගේ කලිසම් සාක්කුවේ පැත්තට තට්ටුවක් දැම්මේ තරමක වේගයෙනි. බලාපොරොත්තු නොවූ එම පහරින් බිත්තර බිඳී එහි සාරු කොට කලිසම දිගේ පහළට ගලද්දි ඔහු කඩිනමින් වෙළෙඳ සලෙන් පිටව ගියේ කිරන ලද බඩු ටිකවත් නොගෙන බව ගම පුරා ප‍්‍රචාරය වීමට ගත් වූයේ මොහොතකි.



අදහස් (0)

මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 64 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site