දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක වූ රාජ්‍ය බැංකුවකි. මැදිවියේ වූවකු දිගු වෙලාවක සිට එහි ආසනයක වාඩි වී වරින්වර නැඟිට දොරටුව අසලට විත් වටපිට බලා ආපසු වාඩිවන ආකාරය ආරක්ෂක නිලධාරියාගේ උකුසු ඇසට ලක්විය. ඔහු ඒ තැනැත්තා අසලට ගොස් කරුණු විමසීය. ”පුතා මගෙ පොතෙන් සල්ලි ටිකක් අරගෙන ගියා. පැය හතරක් විතර වෙනවා” කී ඔහු ”අනේ පුතේ, මේකෙන් කොච්චර අරගෙනද? මගෙ ඇහැ පේන්නෙ නැහැ” කියා ඔහුට බැංකු පොත දුන්නේය. එය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියා ”රුපියල් ලක්ෂ දොළහක් අරගෙන. තව පන්දාස් තුන්සිය  හැටපහක් තියෙනවා” කීවේය. ”හත් දෙයියනේ රුපියල් හයදාහක් ගන්නව කීවේ. එහෙනම් ආපහු එන එකක් නෑ පුතේ, මට  ඕකෙන් තව රුපියල් දාහක් අරගෙන දෙන්න. මට ගෙදර යන්න” කීවේ දුකෙනි. ආරක්ෂක නිලධාරියා ඔහුත් කැටුව කළමනාකරු අසලට ගියේ ”මෙහෙමත් පුත්තු” කියමින්ලූ.