දකුණු පළාතේ උප නගරයක් ආසන්නයේ පදිංචි ඔහු ගොඩ පෙරකදෝරුවෙකි. ගම් වැසියන්ට උදව් කරන කෙනෙකි. සිල්ලර කඩයකද හිමිකරුවෙකි. ඔහු ඉඩම් නඩුවක පැමිණිලිකරුවකුගේ උදව්වට උසාවි ගියේය. ආපසු පැමිණ ඔප්පු කඩදාසි ටික කඬේ සිටි දුවට දී ගෙට ගියේ ‘හරිම මහන්සියි නාගන්න ඕනෑ’ කියා ගෙනය. 

හැන්දෑවේ ඔප්පු හිමියා ආවේ ඔප්පු ගෙනයාමටය. හදිසියේ එය දුවට දුන් බව සිහි වූ ඔහු දුවගෙන් ඒ ගැන විමසූවිට ‘මම ඒක කඬේ පත්තර ගොඩ උඩින් තිව්වා’යි කීවත් එය එතැන නොවීය. පසෙක වූ රාක්කයක තිබී එය හමුවූවත් එහි මුල්පිටුව නොවූයෙන් ඔහුට දෙවියන් සිහිවිය.

මේ කලබලය දුටු බිරිඳ ‘‘කඬේට බඩුගන්න ආ කෙනෙක් කරවල කෑල්ලක් ඉල්ලූවා. දෙයි හාමුදුරුවනේ එහෙනං මං ඒක ඔතා තියෙන්නේ ඕකෙ වෙන්න ඇති’ කීවේ ඔළුවේ අත ගසා ගෙනය. කෙසේ වෙතත් කරවල ගෙන ගිය පාරිභෝගිකයා හොයාගෙන කඩිනමින් ගිය නිසා ඔප්පුවේ මුල් කොළය ලබා ගත්තත් එහි කරවල ගඳනම් තදට තිබුණා.