රැකියාවට යෑම සඳහා බසයට ගොඩ වූ තරුණයෙකි. බසයේ ආසන සියල්ල පිරී තිබුණු බැවින් ඔහුට සිටගෙන යෑමට සිදුවිය. ”ඇතා අයියේ” යැයි පිටුපසින් අමතන හඬක් ඇසී ඔහු හැරී බැලූවිට දක්නට ලැබුණේ බසය තුළ සිටි දන්නා හඳුනන යුවතියන් කිහිපදෙනෙකි. ”ඇතා අයියා වැඩට යනවාද?”එක් යුවතියක් විමසුවාය. ”ඔව් නංගී අද ටිකක් පරක්කු වුණා” ඇතා දොඩමළුවෙමින් පැවසීය. මෙසේ කතා කරමින් ගමන් කරන විට එක් යුවතියක්, ආ මෙන්න අයියේ චුයින්ගම් එකක් කියමින් චුවින්ගමයක් ඔහු වෙත දිගු කළාය. ”තෑන්ක්ස් නංගී” කියු ”ඇතා” කොලය ගලවා චුයිගමය හපන්නට විය. තරුණියන් ද ඔහු හා කතාවට වැටුණු අතර ඇතාගේ විහිළු කතාවලට ඔවුහු බොහෝසේ සිනාසෙන්නට වූහ. චුයින්ගමයේ රස ඉවර වූ විට එය ඔහු ජනේලයෙන් පිටතට විසි කළේය. අභ්‍යාගයකි ඔහුගේ මුවේ ඉදිරිපස තිබු බොරු දතද චුයින්ගමයේ ඇලී පිටතට විසිවිය. කරකියා ගත නොහැකි වූ ”ඇතා” තම අතින් මුව වසාගෙන සිටියේය. එක් යුවතියක් ”අයියා තවම පරණ තැනමද වැඩ කරන්නේ.” යැයි විමසූ විට කට වසාගත් ඔහු හිස වනමින් ”ඔව්” යනුවෙන් සංඥා කළේය. යුවතියන් අසනු ලබන ප‍්‍රශ්නවලට නිහඬව සිටීම ගැන මවිතයට පත්වූ යුවතියක් ”මොකද අයියේ කතා කරන්නේ නැතිව ඔළුව වනන්නේ” යැයි පුදුමයෙන් විමසුවාය. කට වසාගෙන ඊළඟ බස් නැවතුමේ බසින බව අතින් යුවතියන්ට සංඥා කළ ”ඇතා” බසයේ ඉදිරියට ගොස් බස් නැවතුමෙන් බැස පයින්ම ගමන් කළේ ”දත් සාප්පුවක්” සොයමින්ය. දත අස්ථානගත වූයේ කොම්පඤ්ඤවීදිය අසලදීය.
වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.
මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක්
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
චුයින්ගම් කන්න ගිහින් බොරු දතත් අහිමි වෙලා
අමිල කටුනායක Thursday, 20 September 2012 09:35 PM
තව පොඩ්ඩෙන් හක්ක පනිනවා (ස)
රංජිත් Sunday, 23 September 2012 03:31 PM
නන්දන, මම හිතන්නේ අලි වාතයකට අහුවෙන්න ඇති. (නි)
සිසිර Thursday, 20 September 2012 01:57 PM
හොද වැඩේ
නුවන් Thursday, 20 September 2012 04:51 PM
බාල දතක් වෙන්න ඇති. (නි)
රංග (කටාර්) Saturday, 22 September 2012 10:14 PM
අයිතිකරුවකු නොමැති දතක් චුහින්ගමක් සමග ඇලී තිබී කොම්පඤ්ඤවීදිය අසලදී මම ඇහිදින ලදී, අයිතිකරු ඔබ නම් අනන්‍යතාව සහතික කර දත රැගෙන යන්න.
චමින්ද Saturday, 22 September 2012 02:05 PM
චුයින්ගම් වලට දත් ගැලවෙනවද? මගේ යාළුවෙකුටත් ඔහොම උනා. ඇලෙන ටොෆියක් කාලා දතක් ගලව ගත්තා.(ස)
රත්නයක් Thursday, 18 October 2012 10:05 AM
අයියෝ සල්ලි
කියානි Thursday, 20 September 2012 11:09 PM
බොරු දත් කුට්ටමක් කටේ තියෙද්දී නිදහසක් නැහැ. දත් වැටුණත් නිදහසක් නැහැ. (නි)
සුජිත් Thursday, 20 September 2012 05:22 PM
කෙල්ලන් ඔහොමමයි. කොල්ලෙක් අහුවුණොත් දතක් ගලවන්නමයි උත්සාහ කරන්නේ. (නි)
චන්ද්‍රසිරි Thursday, 20 September 2012 02:21 PM
ඇත්තටම බොරු දතතක් කීයක් වෙනවාද?(නු)
සේනානායක Thursday, 20 September 2012 11:39 PM
අනේ ඇතෝ දත ගලවන්න නංගිලා ටිකක්නෙ එකතුවෙලා ඉන්නේ..!(නු)
මන්ම්පේරි Saturday, 22 September 2012 02:50 PM
කතාවනම් හරි. ඔය දත තමයි ඊයේ මගේ සපත්තුවේ ඇනුනා. ඒක ඔයාට ඕන නම් කියන්න..(ස)
ජයී Friday, 21 September 2012 12:06 PM
වට පිට ලස්සන කරන්න අපි කවුරුත් ඉගෙන ගන්න චුයින්ගම් ඔතාගන්න සාක්කුවේ දමාගන්න (ස)
ඩොනල්ඩ් Sunday, 23 September 2012 03:12 AM
ශානිකාට අහුවුණොත් නම් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
වරුණ Thursday, 20 September 2012 10:51 AM
කෙල්ල දැක්කම දත අමතක වෙලා වගේ...(ස)
රූපවතී Friday, 21 September 2012 12:49 AM
චින්තකට තරහා ගිහිං මොකද? එයාගෙවත්ද දත ගැලවුණේ... අනේ පව්? ඔහොම දේවල් වෙනවා තමයි ගනං ගන්න එපා..?(නු)
රත්න Thursday, 20 September 2012 02:41 PM
අනේ පවු. ඒ දත ගොඩක් ගණන් එකක්ද? (නි)
සිරිමල් Friday, 21 September 2012 01:49 AM
මේක බොරු කතාවක්වගේ තමන්ට උන දෙයක් ඔහොම කියනවාද උන කෙනා..!(නු)
ලක්මා Thursday, 20 September 2012 11:18 AM
පව් වැඩේ (ස)
දයා Thursday, 20 September 2012 11:21 AM
ඔය වගේ වෙලාවට උන්හිටි තැන් විතරක් නෙමෙයි කරන කියන දේවලුත් අමතක වෙනවා .අයියෝ පව්..(ස)
රාජා Thursday, 20 September 2012 11:34 AM
ඇතා මොටද එක දලයක් පමනක් ඇතී.(ස)
පනාගොඩ Thursday, 20 September 2012 06:21 PM
ඇති යන්තම් එක දතක් ගැලවුණා. ඔය කෙල්ල එක්ක තව දුර ගියානම් තව මොන මොනවා වේවිද දන්නේ නෑ..(ස)
පනාගොඩ Thursday, 20 September 2012 06:27 PM
ඇති යන්තම්, දතක් ගැළවිලා බේරුණා. (නි)
ශානිකා Thursday, 20 September 2012 11:51 AM
මෙයාගේ දත් ඔක්කොම ගලවන්න එපැයි....(ස)
සජිත් Monday, 24 September 2012 11:41 AM
වෙන මොන මොන දේවල් ගැළවෙයිද‍්‍ද දන්නේ නැහැ. (නි)
චින්තක Friday, 21 September 2012 09:00 PM
ඔය දත දාපු දොස්තර ඉවරයි. (නි)
චින්තක Thursday, 20 September 2012 07:43 PM
මිනිසුන්ට මෙහෙම දේවල් වෙනවා මේක හිනාවෙන්න දෙයක් නම් නෙමෙයි...!(නු)
පනාගොඩ නන්දන මිලානෝ Saturday, 22 September 2012 06:21 PM
මුලින්ම දත ගැලවුනේ පෙරහැර බලන්න ගිහිල්ලද?(නු)
ජගත් Friday, 21 September 2012 09:43 AM
මාර වැඩේ (ස)
ගයා Friday, 21 September 2012 09:45 AM
බොරුනේ..චුයින්ගම්වලට දත් ගැලවෙන්නේ නෑනේ.(ස)
අශෝක Monday, 24 September 2012 02:16 AM
අයියෝ සල්ලි
නුවන් Thursday, 20 September 2012 01:13 PM
ශානිකාට අහුවුණුනොත් දත් ගලවයි...(ස)
මාධව Thursday, 20 September 2012 04:07 PM
බැරි වැඩ නොකරන් අබරෝ