
( උපේන්ද්‍ර ප්‍රියංකර සහ ළහිරු හර්ෂණ )
කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
කුලියාපිටිය නගරය, තුන් මෝදර ,බටහිර දණ්ඩගමුව, කණදුල්ල , පහළ වීරඹුව යන ප්‍රදේශයන්ට මෙලෙස සංචරණ සීමා පනවා තිබේ .
කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ප්‍රතිඵල පිටවෙමින් පවතියි. තව සති 02ක් යනකොට රටම වහලත් බේරෙන්න බැරි වෙයි. අපේ රටේ ඉන්න මිනිස්සුන්ට කෑවොත්, ඇන්දොත් ඇති. පහුගිය දවස්වල මිනිස්සු හැසිරුණේ පළවෙනි පළවෙනි වතාවට රෙදි අඳිනවා වගේ කවදාවත් කාලා නෑ වගේ.. ලෝකයම අසරණ වෙලා ඉන්දැද්දී අපි හරි ජොලියේ හිටියේ...