බීජිංහිදීය (ඒ.එෆ්.පී)
ජූනි 1 වැනිදා සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 60ක් වටිනාකමින් යුතු භාණ්ඩ මත තීරුබදු පනවන බව චීනය අද (13) ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු භාණ්ඩ කිහිපයක් මත සියයට 5 සිට සියයට 25ක දක්වා තීරුබදු පනවන බව චීන කැබිනට් මණ්ඩලයේ තීරුබදු කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ලොව ප්‍රමුඛතම සහ විශාලතම ආර්ථික දෙකට හිමිකම් කියන්නේ ඇමෙරිකාව සහ චීනය යි. පසුගිය සිකුරාදා ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා වටයක් පැවැති අතර කිසිදු ගිවිසුමකින් තොරව එම සාකච්ඡා අවසන් විය. පසුගිය මාස කිහිපය මුළුල්ලේම දෙරටේ නියෝජිතයන් අතර වෙළෙඳ සාකච්ඡා පැවැත්විණි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd