IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164 යි

රංජන් කස්තුරි
 
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
 
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ  එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.
 
තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.
 
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.
 
ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164කි. නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 158ක් වන අතර බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 160කි. හම්බන්තොට කඩයිම් ලකුණ 162 වන අතර වව්නියාව කඩයිම් ලකුණ 161කි. අම්පාරේ 159කි.
 



අදහස් (10)

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164 යි

yunalie Wednesday, 04 October 2017 05:53 PM

සුබ අනාගතයක් වේවා

:       19       838

Raveendra Wednesday, 04 October 2017 05:54 PM

දුවලා, පුතාලා සැමට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.

:       7       665

ධම්ම Thursday, 05 October 2017 12:45 AM

දූලා පුතාලට සුබ පතමි. කෝ මේ ලොකු ඉස්කෝලවල ළමයි එක්කෙනෙක්වත් නැහැනේ.ශිෂ්‍යත්ව විභාගයේ මුඛ්‍ය පරමාර්ථය කාලයත් සමග විකෘතිවෙලා වගේ.

:       2       43

sarath Thursday, 05 October 2017 01:32 AM

කඩයිම් ලකුණු 164 ? බොහොම වැඩියි .150 ක් කියන්නෙත් 75% ක්

:       8       128

Nandika Thursday, 05 October 2017 03:51 AM

ගොඩක් සතුටුයි දරුවනේ. මේ මවුබිමේ අනාගතය ඔයාලට බරයි. හදවතින්ම සුබ පතනවා.

:       1       41

උදලාගම, මහනුවර Thursday, 05 October 2017 04:35 AM

දුවලා පුතාලා හැම දෙනාටම සුබ පතනවා.

:       1       90

wickey Thursday, 05 October 2017 05:38 AM

රත්නපුර දිස්ත්‍රික්කයේ කීයද ?

:       1       26

sadath Thursday, 05 October 2017 09:56 AM

ලොකු ඉස්කෝලවල දරුවෝ මේක ලියන්නේ නැ...... මේක තියෙන්නේ ලොකු ඉස්කෝලවලට යන්න....

:       36       9

chaminda Thursday, 05 October 2017 03:46 PM

එදා ශිෂ්‍යත්වය සමත් අය අද කරන වෘත්තීන් හා සම සම හෝ ඊට වඩා වැඩි දක්ෂතා ශිෂ්‍යත්වය අසමත් අය දක්වා තිබෙනවා. වැඩිහිටි අප අපගේ ළමා කාලය ගැන හා එහිදී සිටි යහළුවන් අද සිටින තත්වය ගැන සිතුවොත් ඒ බව සනාථ වෙනවා, බොහොමයක් ජනප්‍රිය පාසල් වලට බඳවා ගන්නේ ශිෂ්‍යත්වය සමත් ළමුන් පමණයි. එය රටේ සිටින ශිෂ්‍යත්වය අසමත් දරුවන්ට කරන විශාල අසාධාරණයක්. පහේ ශිෂ්‍යත්වය ළමුන් වර්ග කිරීමට යොදා ගැනීම රටේ මානව සම්පත් සංවර්ධනයේ දී කරන වැරදි ක්‍රියාවක්.

:       3       163

kalpa Friday, 06 October 2017 04:01 AM

කොහොමවුනත් වැඩි ලකුණු ගන්න කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල දරුවන් ඇඹිලිපිටිය සහ ඇහැලියගොඩ ජාතික පාසල්වලට එනවා .........දිස්තික්කයේ අපේ දරුවන්ට ගමේ පාසලේ තැනක් නැහැ............ පසුගිය කාලේ කොළඹ දරුවන් බදුල්ලෙන් විභාගයට ලිව්වා වගේ දෙයක් තමා රත්නපුර දරුවන්ට වෙන්නෙත්

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4653 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3698 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3044 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11680 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7971 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site