(ශිරාන් රණසිංහ)
රුපියල් කෝටි ගණනක් වටිනා රන් කැබැලි මිශ්‍ර පස් අපනයනය සඳහා ශ්‍රී ලංකා රේගුව භාවිතයට ගෙන ඇති (HS 7112.30.10 දරන) සංකේත අංකය භාණ්ඩ අපනයනය සඳහා නොව ආනයනයට අදාළ සංකේතයක් යැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මෙම සංකේතය භාවිතයට ගත්තේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාද දෝෂයක් නිසාද නොඑසේ නම් කිසියම් නිලධාරියකු හිතාමතාම සිදුකර ඇති වෙනස් කමක් නිසාද යන්න පිළිබඳව අප්‍රමාදව ජනාධිපති විමර්ශන ඒකකයට දන්වන ලෙස ද ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය දැනුම් දී ඇත.
මෙම රන් මිශ්‍ර පස් අපනයන සිද්ධියේදී ශ්‍රී ලංකා රේගුව මගින් බහලුම් 4 ක් සඳහා රුපියල් පනස් ලක්ෂයක දඩ මුදලක් අය කරගෙන ඇත. ඒ වෙනවිටත් බහලුම් 51 ක් අපනයන කර තිබූ බවත් එම බහලුම් 51 සඳහා ඉහත අය කරගත් රුපියල් පනස් ලක්ෂයක දඩ මුදල තුළම ලක්ෂ දහයක මුදලක් අයකර ගැනීම ප්‍රමාණාත්මකව නොගැළපෙන බව ද ජනාධිපති විමර්ශන ඒකකය කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රේගුවට කළ දැනුම් දීමේ දැක්වේ.
ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විධිමත් පරරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර එ් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.
1992 අංක 33 දරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශ පනතේ 13 (2) 1 (ඈ) වගන්තියට ප්‍රකාරව ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවසර ගත යුතුය.
ශ්‍රී ලංකා රේගුව හරහා මීට පෙර අපනයනය කර ඇති රන් කැබැලි මිශ්‍ර පස් බහලුම් සඳහා විධිමත් බලපත්‍ර රේගුව පරික්ෂා කර ඇත්නම් එම සටහන් එවන ලෙස ද ජනාධිපති විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී ඇත.
රන් මිශ්‍ර පස් අපනයනයට අදාළව ජනාධිපති විමර්ශන ඒකකය තවදුරටත් විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
11
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් මිශ්‍ර පස් අපනයන පිටුපස රේගු නිලධාරියකු ගැන සැකයක්?