දහදුක් විඳ මියගිය හොර තුවක්කු වෙළෙන්ඳා


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අැවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.

එක්තරා පිටිසර ගමක කම්මලක් හදාගෙන ආයුධ නිපදවන්නෙක් සිටියේ දැනට දශක කීපයකට පෙරය. ඔහු “කම්මලේ බාස්” නමින් හැඳින්වීය. මොහු යකඩ ගිනියම්කොට තලා ආයුධ නිපදවා විකුණුවේය. ඒ ගෙදර දොරේ, වතුපිටිවල ප්‍රයෝජනයට ගන්නා කැති, මන්නා, පිහියා, පොරෝ, උදලු වැනි ආයුධ නොවේ. එතරම් සෙවිල්ලක් බැලිල්ලක් නොතිබූ අවධියකි. සත්ව ඝාතනයට ගන්නා ගිනි අවි නිපදවා දඩයක්කරුවන්ට විකුණා මුදල් ඉපැයීය. කම්මලේ බාස් රාත්‍රියට දඩයක්කරුවන් පසු පසින් ගොස් අසීමිත සතුටක් ද ලැබුවේ තමා නිපදවන හොර තුවක්කුවල අගය කියාපාමිනි. ඔහුට මාංශවලින් කොටසක් ද ලැබුණි. සතුන්ට බඳින තුවක්කු හා වෙඩි බෙහෙත් කොටන තුවක්කු ද ඔහු නිපදවීය. ඒ අවි වෙළෙදාම ඔහු කළේ ටික කලකි.

 


දිනක් එවැනි අවියක් සෑදීමට යකඩයක් ගිනියම් කර කිණිහිරේ තබා කුළුගෙඩියෙන් තලද්දී ගිනියම් යකඩ කැබැල්ලක් කැඩී අවුත් ඔහුගේ එක් ඇසක වැදුණි. එකල මෙකල මෙන් වෛද්‍ය පහසුකම් නොතිබූ හෙයින් ඒ ඇසේ පෙනීම ලබා ගැනීමට නොහැකිව ඔහු දුක් විඳ අන්ධභාවයට පත් විය. එහෙත් නැවත අවි නිපදවා වෙළෙදාම ආරම්භ කළේය.
දිනක් දඩයක්කරුවෙකු සමග මහ වනයට රිංගූ කම්මලේ බාස් වෙඩි වැදුණු සතෙක් පසු පස එළවා යද්දී වෙනත් විශේෂාංගය ඒ වෙනුවෙනි.
අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.
එක්තරා පිටිසර ගමක කම්මලක් හදාගෙන ආයුධ නිපදවන්නෙක් සිටියේ දැනට දශක කීපයකට පෙරය. ඔහු “කම්මලේ බාස්” නමින් හැඳින්වීය. මොහු යකඩ ගිනියම්කොට තලා ආයුධ නිපදවා විකුණුවේය. ඒ ගෙදර දොරේ, වතුපිටිවල ප්‍රයෝජනයට ගන්නා කැති, මන්නා, පිහියා, පොරෝ, උදලු වැනි ආයුධ නොවේ. එතරම් සෙවිල්ලක් බැලිල්ලක් නොතිබූ අවධියකි. සත්ව ඝාතනයට ගන්නා ගිනි අවි නිපදවා දඩයක්කරුවන්ට විකුණා මුදල් ඉපැයීය. කම්මලේ බාස් රාත්‍රියට දඩයක්කරුවන් පසු පසින් ගොස් අසීමිත සතුටක් ද ලැබුවේ තමා නිපදවන හොර තුවක්කුවල අගය කියාපාමිනි. ඔහුට මාංශවලින් කොටසක් ද ලැබුණි. සතුන්ට බඳින තුවක්කු හා වෙඩි බෙහෙත් කොටන තුවක්කු ද ඔහු නිපදවීය. ඒ අවි වෙළෙදාම ඔහු කළේ ටික කලකි.
දිනක් එවැනි අවියක් සෑදීමට යකඩයක් ගිනියම් කර කිණිහිරේ තබා කුළුගෙඩියෙන් තලද්දී ගිනියම් යකඩ කැබැල්ලක් කැඩී අවුත් ඔහුගේ එක් ඇසක වැදුණි. එකල මෙකල මෙන් වෛද්‍ය පහසුකම් නොතිබූ හෙයින් ඒ ඇසේ පෙනීම ලබා ගැනීමට නොහැකිව ඔහු දුක් විඳ අන්ධභාවයට පත් විය. එහෙත් නැවත අවි නිපදවා වෙළෙදාම ආරම්භ කළේය.
දිනක් දඩයක්කරුවෙකු සමග මහ වනයට රිංගූ කම්මලේ බාස් වෙඩි වැදුණු සතෙක් පසු පස එළවා යද්දී වෙනත් කෙනකු විසින් සතෙකුට බඳින ලද මරුවැලක් පෑගී වෙඩි වැදී කලක් බොහෝ දුක් විඳ මරුමුවට පත් විය. අහිංසක සතුන් ඝාතනය සඳහා හොර ගිනි අවි වෙළෙදාම් කර හිමි කර ගත් පාපය මොලොවදීම පලදුන්නේ එසේය.

 

පාදුක්ක බෙලිඅත්තවිල කේ.කේ. පියරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ගිරිගෝරිස්ගේ ගමනක අවසානය

මෙයට දශක හතරකට පමණ ඉහත බස්නාහිර පළාතේ පිටිසරබද ගම් ප්‍රදේශයක සිදුවූවකි මේ.
මොහු නමින් ගිරිගෝරිස් වූ අතර කාලවර්ණ හැඩි දැඩි පුද්ගලයෙක් විය.
මොහුගේ රැකියාව වූයේ හොර සුරා පෙරීම හා සූදු පිටි දැමීමයි. හොරසුරා පෙරා ඔහු​ගේ ගෝලයන් අත විකිණීම සඳහා අවට ගම්මානවලට බෙදාහරියි. ඒ සඳහා මොහු මොරිස් මයිනර් කාර් රථයක් ද මිලයට ගෙන තිබුණි.
මොහුගේ බිරිඳ ද ඒ සඳහා උදවුපදවු කළාය. මොහුගේ පුත්‍රයාද පාසල් ගමන අතරමඟ නතරකර හොර සුරා බෙදා හැරීමට උදව් කළේය.
ගිරිගෝරිස්ට ගමේ අනියම් බිරින්ඳෑවරුන් ද කිහිපදෙනෙක් සිටි අතර ඔවුන්ගේ පවුල්වල අඬදබර ද මේ නිසා අඩුවක් නොතිබුණි.
ඔහුගේ හොර සුරා හා බූරු පිටිය කිහිපවිටක් පොලිසියෙන් වටලා මොහු සහ ගෝලබාලයන් උසාවියට ඉදිරිපත් කළත් ඔවුහු දඩගෙවා නැවතවිත් සුපුරුදු රැකියාව කරගෙන යති. පොලිසියෙන් පැමිණි පසුව මොහුගේ කසිප්පු ඇල්ලීමට ඔත්තු දුන්නා යැයි අහළ පහළ අසල්වාසීන් බැන වැදීය. මේ නිසා තමන්ගේ පාඩුවේ ජීවත් වීමටත් බැරි තත්ත්වයක් උදාවී ඇති හෙයින් ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වෙත අසල්වාසීන් පැමිණිලි කිරීමෙන් පසුව උන්වහන්සේ පැමිණ මේ සම්බන්ධව කීපවතාවක් අවවාද කළ නමුත් මොහු ඒ කිසිවක් ගණන් නොගත්තේය.

මොහුගේ සූදු පිටියත් ජයටම කරගෙන යන අතර මේ සූදු පිටියට පිට ප්‍රදේශවලින් ද සූදු ඔට්ටු අල්ලන තරමට ප්‍රචලිත වී තිබිණ.
ගිරිගෝරිස් මාංශ අනුභව කිරීමට ඉතාමත් ගිජු පුද්ගලයෙක් වූ අතර මොහු වදුරු මසට ඉතාමත් ගිජු වූවෙකි. තම ගෝලබාලයන්ට ඔහුගේ හොර තුවක්කුව සමග    ප​ෙතාරොමක් දී ගිරිගෝරිස්ගේ භාෂාවෙන් ඔහු කියන්නේ ගස්ගෝනෙක් මරාගෙන එන ලෙසයි.
මෙසේ ගොස් වදුරන් මරාගෙනවිත් මොහු ඔහුගේ ගෝලයෝ සමඟ උයාපිහාගෙන සුරා පානය කරමින් වඳුරු මස්වල රසබලති.
කාලය ගෙවීයද්දී දිනක් මොහුගේ සූදුපොළ ජයටම කෙරීගෙන යන දිනක ඔට්ටුවක් සම්බන්ධව සූදු පො​ෙළ් දෙදෙනෙකු අතර ආරවුලක් ඇතිවිය. එම ආරවුල සමතයකට පත් කිරීමට මේ අවස්ථාවේ ගිරිගෝරිස් එම ආරවුල් මැදට පැන්නේය.

 

ඒ අවස්ථාවේදී එක් අයෙකු විසින් අනෙකා වෙත එල්ල කරන ලද මාරක පිහිපහර ගිරිගෝරිස්ගේ ලය පසාරු කරගෙන ගියේය. එහිදී ගිරිගෝරිස් එතැනදීම මරුමුවට පත්විය. මේ ගැන කනවැටුණු ගමේ වැඩිහිටියන් ගිරිගෝරිස්ට කළකම් මෙලොවදීම පටිසන් දුන් බව කියනවා ඇසුණි.

(අකුරැස්ස පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය)
කළ පව්වලින් බේරෙන්නට ගමෙන් නගරයට පළාගියත් මරුවාගෙන් ගැලවෙන්නට නම් බැරිවිය.

සිරිදාස මීට කලකට පෙර ගමේ විසූ මැරයෙකි. එකල මෙවැන්නන් ගම්වල හැදින්වූයේ චන්ඩියා ලෙසිනි. සිරිදාස ද චණ්ඩියා ලෙස හඳුන්වනවාට තිබුණේ ඉමහත් ආසාවකි. මොහුගෙන් එකල අහිංසක ගැමියන්ට සිදුවූ මැරකම් අකටයුතුකම් අපමණය. එහෙත් ඒවාට එරෙහිවන්නට තරම් බලවත් කිසිවෙක් ගමේ නොවීය. එසේ වුවහොත් සිරිදාසගෙන් විඳීමට සිදුවන අපමණ ගැහැට අඩන්තේට්ටම් ගැන හොඳින් දන්නා නිසාය. මෙයින් ප්‍රයෝජන ගත් සිරිදාස තම අණසක ගමේ පමණක් නොව අවට ගම්වල පවා පතුරුවා ගෝලබාලයින් ද පිරිවරාගෙන රිසිසේ කල් ගෙව්වේය.
අවිවාහකයෙක් වූ සිරිදාස ජීවත්වීමට කිසිදු රැකියාවක් හෝ කර්මාන්තයක් කිරීමට උත්සාහයක් නොගත්තේය. ඒ වෙනුවට තම ගෝලයන් යොදා ගෙන කසිප්පු පෙරීම, බූරුවා ගැස්සවීම වැනි කටයුතුවලින් අතමිට සරුකර ගත්තේය. එසේම ගමේ සාධාරණව යමක්කමක් උපයාගෙන වැදගත් අන්දමින් ජීවිතය ගත කළ අය කෙරෙහි මොහුගේ තිබුණේ ඊර්ෂ්‍යා සහගත හැඟීමකි. ඔහු කළේ මෙවැනි පුද්ගලයන් බියගන්වා හිතූ හිතූ ලෙස කප්පම් මුදල් ලබා ගැනීමයි. බොහෝ දෙනා මොහුගේ මේ අමන ක්‍රියාවලට අකමැති වුවත් ඒවාට ප්‍රසිද්ධියේ විරෝධයක් නොපෑවේ ඔහුට ඇති බිය නිසාමය. සිරිදාසගේ මෙම අකටයුතුකම් එන්න එන්නම වැඩිවූවා මිසක අඩුවන බවක් නම් පෙනෙනතෙක් මානයකවත් නොවීය. මහත් සේ සුරාවට ගිජු වූ බේබද්දෙකුවීම පමණක් නොව දැඩි ස්ත්‍රී ලෝලියකු ද විය. ඒ හේතුව නිසාම ගමේ ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට මොහුගෙන් ගැලවීමක් ද නොවීය.


​ෙමාහුගේ මේ කටයුතු හැමදාමත් ඉවසුම් නොදෙන තරුණයන් කීපදෙනෙක් එකතු වී මේ ක්‍රියාවන් මට්ටු කිරීමට තීරණය කළහ. මෙයින් ගම්වැසියන් තුළ තිබූ බිය ද ටිකෙන් ටික පහව යන්නට විය. ඔවුන්ගේ සහාය ද තරුණයන්ට ලැබුණි. සිරිදාසට තවදුරටත් චන්ඩි පාට් දමන්නට නොහැකි පරිසරයක් නිර්මාණය වන්නට විය. ඔහුගේ ආධිපත්‍ය ගම තුළින් ගිලිහෙමින් ඔහුගේ අපල කාලය පැමිණියේය. ඔහුගේ සියලුම නීති විරෝධී ආදායම් මාර්ග ඇහිරී ගොස් ගමෙන් කොන්වන තත්ත්වයට පත්විය. මේ හේතුව නිසාම ඔහු වටා සිටි ​ගෝලබාලයන් ද ඔහු හැර ගියහ. තවදුරටත් සිරිදාසට ගම තුළ ජීවත් විය හැකි පරිසරයක් නොවීය. වෙනත් කිසිදු දෙයක් කළ නොහැකි වූ තැන, හැමට හොරෙන් ගම හැරදා නගරයට පළා ගියේය. එහි ජීවත්වීමට අතපය වෙහෙසා කළ හැකි කිසිදු රැකියාවක් නොදත් සිරිදාස නගරයේ තැන් තැන්වල ඇති ඉදිකිරීම් වැඩබිම්වල අැවිදිමින් කුමන හෝ දෙයක් කර ජීවත්වීමට කුලියක් සොයා ගත්තේය.


දැන් මෙසේ ජීවිකාව ගෙන ගියත් ගමේ දී කළ පාපකර්මවල හැටියට නගරයට පැන ආවත් ඒවායින් ගැලවෙන්නට ඔහුට නොහැකි විය. දිනක් එක් ඉදිකිරීම් වැඩ බිමක මහල් කීපයක් සහිත ගොඩනැගිල්ලක වහලය මත කිසියම් කටයුත්තක යෙදෙන්නට සිරිදාසට සිදුවිය.

එහෙත් එම කාර්යයේ වැඩි වේලාවක් නිරත වන්නට නොහැකි විය. ඔහුටත් නොදැනීම පය ලිස්සා වහලයෙන් බිමට වැටුණේ හිස පහළට සිටින ආකාරයටය. වැටුණ වේගයට සහ ගොඩනැගිල්ලේ උස වැඩිකම නිසාම බෙල්ල කැඩී එම ස්ථානයේදීම ඔහු අවසන් හුස්ම හෙළා තිබුණි. ගමෙන් නගරයට පැන ආවත් සිරිදාසට තමා කළ පව්කම්වලින් බේරෙන්නට නොහැකි වුණේ පව්කම් කළහොත් මොළොවදීම පලදීම කිසි විටකත් මොනම ජගතෙකුටවත් කිසිසේත් නතර කළ නොහැකි බව හැමදෙනාටම පසක් කර දෙමිනි.

මෙබඳු කථා ඔබත් දන්නේ නම් ඒවා ‘ඉරිදා ලංකාදීපයට’ යොමු කරන්න.

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්