හිටිහැටියේ සිදුවෙන මරණ කමිටු වාර්තාව එනතුරු හේතුව කියන්න බෑ


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්   

(දයාසීලි ලියනගේ)   

ඇතැම් කොරෝනා රෝගීන් හිටි හැටියේ ඇඳ වැටී මිය යාමට හේතුව නිසි ආකාරව දැන ගැනීමට හැකි වෙන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බලන සමාලෝචන කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.   

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, අජිත් තෙන්නකෝන් හා හසිත තිසේර යන මහත්වරු සමාලෝචන කමිටුවේ සාමාජිකයෝ වෙති.   


හේතු සොයා ගත නොහැකිව සිදුවෙන මරණ සම්බන්ධයෙන් සොයා බැලීමට සමාලෝචන කමිටු පත් කිරීම සිදු වෙන අතර උදාහරණ වශයෙන් ඩෙංගු මරණ සමාලෝචන කමිටුවක් හා මාතෘ මරණ සමාලෝචන කමිටුවක් ද පත් කර තිබු බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.   


හිටි හැටියේ සිදු වන මරණවලට හේතු සමාලෝචන කමිටු වාර්තාව නිකුත් වෙන තුරු සඳහන් කළ නොහැකි බවද ඒ මහතා කීය.