ශ්‍රිලනිපය යළිත් තනිව යෑමේ උත්සාහයක්


(දයාසීලි ලියනගේ)

තනතුරුවලින් ඉවත් කරන ලද ආසන සංවිධායකවරු ඒකරාශි කර යළි පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් පියවර ගෙන ඇත.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට විරෝධය දැක්වූ ආසන සංවිධායකවරු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී පසුව කළකිරීමට පත් වී සිටින ආසන සංවිධායකවරු ඒකරාශි කිරීම සඳහා පසුගිය සතියේදී පියවර ගනිමින් සිටි බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොකරන බවට එකඟතාවයකින් සිටින බවක් පෙනෙන්නට ඇති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.