විගණකාධිපති තනතුරට චූලා වික්‍රමරත්න ?


(දයාසීලි ලියනගේ)   

විගණකාධිපති තනතුර සඳහා චූලා වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.   

විගණන අධිකාරිවරයකු හා නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වශයෙන් වසර 28ක කාලයක් සේවය කර ඇති වික්‍රමරත්න මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.   


විගණකාධිපති තනතුරේ සේවය කරනු ලබන ගාමිණි විජේසිංහ මහතා ලබන 24 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.