වසංගතයේ දෙවැනි තුන්වැනි රැලි: තීන්දුව ජනතාව අතේ


රජයේ වෛද්‍ය නිලධාරී සංගමය 

(දයාසීලි ලියනගේ) 

වසංගතය පිළිබඳව ඇති විය හැකි දෙවැනි තුන්වැනි රැල්ල ගැන වගකීම රටේ ජනතාව සතු වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 

කොවිඩ් 19 වසංගතය වළක්වා ගතයුතු සෞඛ්‍ය උපදෙස් ජනතාවට ලබාදී තිබෙන අතර, ඒවා මගහැර හැසිරීමෙන් යළි රෝග පැතිරයාමේ අනතුර තදබල ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. 


ඇඳිරි නීතිය ලිහිල් කළත් මෙතෙක් ඇතැම් ජනකොටස්වල හැසිරීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් අනතුර ඉතා ආසන්නව තිබිය හැකි බව ද වෛද්‍ය​ සොයිසා මහතා ප්‍රකාශ කළේය. 


මත්පැන් අලෙවි සල් විවෘත කිරීමෙන් ඇති වෙන බරපතළ තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු කීය.