පළාත් පාලන ආයතනවලට ජවිපෙන් සංවර්ධන සැලැස්මක්


(දයාසීලි ලියනගේ)
සියලු පළාත් පාලන ආයතනවලට වෙන වෙනම සංවර්ධන වැඩපිළිවෙළ බැගින් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන 341 සඳහා වෙන වෙනම සංවර්ධන යෝජනා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලබන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය. මෙම වැඩපිළිවෙළේ පළමුවැන්න ලෙස මේ මස 7 වැනිදා කොළඹ ශල්‍ය වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී කොළඹ නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළ එළිදක්වන බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.


ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, කොළඹ පුරපති අපේක්ෂක ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ පැවැත්වේ.