ජනාධිපති ඉරාන සංචාරයෙන් ආර්ථික හා වෙළෙඳ ප්‍රතිලාභ


(අජන්ත කුමාර අගලකඩ)  
ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රුහානි මහතා අතර නිල හමුව අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතය.  

එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කෙරෙන නව අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.  


 ඉරාන ජනාධිපති හසන් රුහානි මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12) ඉරානය බලා පිටත්ව ගියේය.  


 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉරානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.