එජාපයේ මත ගැටුම් වැළැක්වීමට රනිල් - සජිත් විශේෂ සාකච්ඡාවක්


(දයාසීලි ලියනගේ)  

ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම ප්‍රකාශයට පත්කරන තෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගෙන් කොන්දේසි 10කට එකඟතාවක් ලබාගැනීමට එම පක්ෂයේ මධ්‍යස්ථ මතධාරී මන්ත්‍රීවරු 30 දෙනකුගේ කණ්ඩායමක් පියවර ගෙන ඇත.  

පක්ෂය භේද බින්නවීම වැළැක්වීම සඳහා ලබන සතියේදී රැස්වී සාකච්ඡා කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ‘ඉරිදා ලංකාදීප’යට කීය.  


ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම නම්කරන තුරු වෙන වෙනම මහජන රැලි නොපැවැත්වීම, එකිනෙකා විවේචනය කිරීමෙන් වැළකී සිටීම, වෙන වෙනම භෝජන සංග්‍රහ නොපැවැත්වීම, කීප දෙනා බැගින් ගෙන්වා කරන සාකච්ඡා නැවැත්වීම ඇතුළු කොන්දේසි 10කට දෙදෙනාගේ එකඟතාව ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන බවද විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.   


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දෙදෙනාම එක්ව මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇතැයි ද විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.