ඇල්පිටිය ඡන්දය මෙහෙයවීම බැසිල් අතට


(අජන්ත කුමාර අගලකඩ)  

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ පොදුජන පෙරමුණේ ඡන්ද සටන මෙහෙය වීම එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරනු ලැබ ඇත.  

 ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු 7 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.  


 ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා, චන්දිම වීරක්කොඩි යන මහත්වරු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන චම්ලි විද‌ානගම, දුෂාන් කාරියවසම් සහ සම්පත් අතුකෝරළ යන මහත්වරු ද මෙම කමිටුවට ඇතුළත් වී සිටිති.  


 මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද කොට්ඨාස 17 සංවිධාන කටයුතු ගාල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති පළාත් පාලන ආයතන 19 කට බාර දී ඇත.