අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩිවෙයි


 

(දේශපාලන ලියුම්කරු)   

මෙම මස 5 වැනිදා (අඟහරුවාදා) ඉදිරිපත් කරන 2019 අයවැය යෝජනාවලියෙන් රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි ආණ්ඩුවේ අාරංචි මාර්ග සඳහන් කරයි.   

මෙම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරන්නේ පුද්ගලයන් ඉලක්ක කරගත් සහන අයවැයක් ඉදිරිපත් වනු ඇති බවයි. ස්වයං රැකියා සහන ණය බදු සහන ආදිය එයට ඇතුළත් වනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.