77 එජාප ජය සමරා දැවැන්ත ප්‍රදර්ශනයක්


(දයාසීලි ලියනගේ) 
එක්සත් ජාතික පක්ෂයේ 77 ජයග්‍රහණයට වසර 40ක් පිරීම මේ මස 22 දිනට යෙදී ඇති බැවින් ඒ නිමිත්තෙන් විශේ‍ෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.  


වර්ෂ 1977 සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුවූ සේවාව මූලික කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කීය.

එක් එක් අංශයෙන් ප්‍රදර්ශන කුටි ඇතුළත් මෙම පළමු ප්‍රදර්ශනය කොළඹ දී පැවැත්වේ. මේ මස 30 වැනි දා හෝ ඊට පෙර දිනයක ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇත. කොළඹින් පසු ප්‍රධාන නගරවල මෙම ප්‍රදර්ශන පැවැත්වීමට නියමිතය.