රහස් ගතිගුණ කියන නාසයේ චමත්කාර සිත්තම්


සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේ දී ඉතාමත් සැපවත් දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද, බොහොම ධන ධාන්‍ය ලබන්නේ ද තම පවුල් සංස්ථාවේ ශ්‍රියා කාන්තාව ලෙස ඇය බබළන්නේද, එසේ නම් ඇතකුගේ සොඬයක හැඩය උකහා ගත් නාසයත් ජන්මයෙන්ම ඇයට ද‌ායාද කොට ඇතුවාට සැකයක් නැත. යම් කිසි ස්ත්‍රියකගේ නාසයේ හැඩය චමත්කාරව දිස්වන්නේ නම් එයද ඇය කරකාර බඳිනා සහකාරයාද පියවරෙන් පියවර කීර්ති ප්‍රශංසා වගේම යසසද ලබන බව කිව යුතුය. 
 
තවත් සුබ ඵල​ ගෙනෙන ළයාන්විත පිහිටීමක් ඇත්තේ වරාමලක පොහොට්ටුවක හැඩය ගත් නාසයක් ඇය සතුවී ඇත්නම් පමණි. මෙවන් ස්ත්‍රියකට ක්‍රමවත් පිළිවෙළකට ජීවිතය හැඩ ගස්වා ගැනීමට සමත්කම් දක්වයි. එවැනි කාන්තාවන්ට කිසිම දිනක ධනයෙන් අඩුවක් නැත. සැප සම්පතින්ද ආඪ්‍ය වන පිහිටීමකි. ලතාවකට හැඩ ගැන්වුණු නාසයක් ඇති ස්ත්‍රියකගේ දියුණුවේ අත්තිවාරම ක්‍රම ක්‍රමයෙන් ඇය විසින්ම සලසාලනු ලබයි. කොටින්ම කියතොත් ඇය සැමියාට රසින් පිරුණු මංජුසාවකි. ඇය පුරුෂයන් සෙවීමට මහන්සි නොගනී. පවතින රකී, වාසනා ගුණයහපත් දූ දරුවන් ලැබීමටද ඇය වාසනාවන්ත වේ.  


ඇය නිතරම සිටින්නේ ජයග්‍රහණය නැතහොත් ජය කණුව ළඟයි. එලෙස වරාමලක පොහොට්ටුවේ හැඩය ගත් නාසයක් හිමි තැනැත්තිය සිය පතිවත මැණිකක් රකිනා නා රජකු මෙන් රකී. සැමියාට එකසිතින්ම හිතවත්භාවය දක්වයි. ඇය ඉතාමත් ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තියකි. තම ජීවිතය පිළිබඳව පුදුමාකාර අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමට සමත්කමක් ද දක්වයි. ඇගේ ගති ලක්ෂණ අනූව කාමුක ස්වරූපයක් ගත්තද, අධම ගති සිරිත් තම ජීවිතයෙන් බැහැර කරයි.   


දිගැටි හැඩයෙන් යුත් සිහින් නාසයක් ඇති ස්ත්‍රියගේ කිසියම් විධියේ යහපත් ලක්ෂණයක් නැත. ඇය වෛශ්‍ය ස්ත්‍රියක් සේ දුටුවන් සතපවයි. එපමණක් නොව සන්තර්පණයට පොළඹවයි. ඇය ජීවිත කාලය තුළ රහසින් හෝ පස් පව්වලින් බරව කටයුතු කිරීමට පෙළඹේ. එපමණක් නොව කාමාශාවෙන් පිරුණු මෙවන් ස්ත්‍රීන් අධික ලෙස කාමසුඛල්ලිකානු යෝගීව හැසිරීමට සමත්කම් දක්වයි.  


කිසිම පැකිළීමක් නැතිව වරදේ බැදෙන්නට තරම් ඇය සමත්වෙයි. රහසේ තම කටයුතු ඉටුකර ගැනීමට සමත්කම් දක්වයි. කපුටු බඩගින්න මෙන් ඇගේ රාගයේ ගින්න නිමක් නැත. ඇයගේ යුග දිවියේ සැනසීමක් කිසිදු විටෙක නොලබන්නට තරම් ඇය අවාසනාවන්තය. කිහිප වරක් තමන් පරණ බන්ධනයට ඇතුළු වුවත් ඇය කිසිම සැනසීමක් ලබන්නට තරම් සමත් නොවේ.  


හුරුබුහුටි නාසය 

යම්කිසි කාන්තාවකගේ ජීවිතය ඉතාමත් පිරිපුන් බවකින් හැඩ වන්නේද ඇයගේ නාසයද හුරුබුහුටිය. එසේම කලාත්මක ස්වරූපයක් හඟවයි. මැය ඉතාමත් වාසනාවන්ත තැනැත්තියකි. තල මලක දිස්වෙන චමත්කාර බව මෙවන් වාසනාවන්ත ස්ත්‍රියකගෙන් ප්‍රදර්ශනය වේ. සමහර ස්ත්‍රීන්ගේ නාසයේ අග කොටස පමණට වඩා මහත් බවක් දක්වයි.  

නාසයේ මධ්‍ය කොටස සමහර විට එබී ගිය ස්වරූපයක් නම් මෙය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ මේ පිහිටීම ඉතාමත් අසුබ ලක්ෂණයක් බවයි. තවත් අතකට බලන විට සුබ ඵල හීන කරන ලක්ෂණ නාසයෙන් දක්නට ඇත. නාසයේ මැද ඉරක හැඩය දිස්වන්නේ නම් එය ද සුබ ඵල හීන කරන අසුබවාදී ලක්ෂණයකි. පුරුෂයන් ඉක්මනට වසඟයට ගන්නා තැනැත්තියන්ගේ අග කොටස උඩට නෙරා ගොස් ඇත. එසේම අර්ධ කවාකාර හැඩයක් ගනී.  
මෙවන් තැනැත්තියන් පුරුෂයින් රාග ගින්නට හසු කර ගනී. එසේද ඔවුන් අසහනයට මෙන්ම දැඩි පීඩනයටද පොළඹවමින් තම තෘප්තියට නතු කර ගනී. සමහර කාන්තාවන් යහපත් ඇසුරකට සුදුසු නොවන්නේ තැන්පත් කෙනෙකුගේ ගති ලක්ෂණ වුන් සතු නොවන නිසාය. මොවුන් ඔබ දැක තිබේදැයි මතක් කර ගන්න. මෙවැනි තැනැත්තියන් නාසය ගස්සයි. සෙලවෙන ස්වරුපයක් ගනී. ඔබට ඔවුන් හමුවී තිබේ නම් පරෙස්සම් වන්න. ඔවුන් ඇසුරට සුදුසු නොවේ.  

 
කෙටි නාසය ඇති තැනැත්තිය  

ඉතාමත් පහසුවෙන් වරදේ බැදෙන ස්ත්‍රීන් ඔබ දැක අැතුවාට සැකයක් නැත. ඔවුන් ගැන විග්‍රහ කරතොත් ඔවුන් තුළ මෝඩකම ඉහවහා ගොස් ඇත. එසේම බුද්ධිය පළා ගොස් ඇත. අනුවණ කමින් කටයුතු ඉටුකර ගැනීමට පෙළඹේ. මෙවන් ගති ලක්ෂණ ඇති තැනැත්තියගේ ඇත්තේ ඉතා කෙටි නාසයකි. පළල් වූ නාසය ඉතාමත් සරාගී බවක් දනවන ස්ත්‍රීන්ගේ නාසය පිහි තුඩක උල් පිහියක් ආකාරයක් දක්වයි. ඉතාමත් සූක්ෂම අන්දමින් කම්සැප ලබා දෙන පිරිමි මෙවන් ස්ත්‍රීන්ට හමුවේ. එවිට ඔවුන් මෝහනය කර ගැනීමට ස්ත්‍රීහු දක්ෂ වෙති.  


කලාත්මක නාසයක් හිමි කත

සමහර ස්ත්‍රීන් සුරදූතිකාවන්ගේ ස්වරූපයක් ගනී. ඇය දෙවඟනක් සේ දිස්වේ. ඔබටත් කලාත්මක නාසයක් ඇත්නම් ඔබ ද සුරඟනකි. දෙවඟනකි. එසේම සුරදූතිකාවකි. ලෝකයේ අග්‍රහණ්‍යයේ සුන්දර පිරිමි ලැබීමට තරම් මෙම ස්ත්‍රීහු වාසනාවන්ත වෙති.  

 

උස් වූ කවාකාර නාසය හිමි කත

 
සමහර ස්ත්‍රීන් හරිම සංවේදී බවක් දක්වයි. යහපත් ගතිගුණ පිහිටයි. බුද්ධිමත්ව කටයුතු කරයි. චාම් දිවිය උසස් ලෙස හැසිරීමට මෙන්ම පිළිගැනීමටද ලක්වේ. එවන් ස්ත්‍රීන්ගේ නාසය උස් වූ තරමක් කවාකාර හැඩයකට හිමිකම් කියන්නේය.  


කුල්ලක හැඩය ඇති නාසය හිමි කාන්තාව

සමහර ස්ත්‍රීන් හරිම දුප්පත්ය. එසේම දිළිඳු වි උපදී, නොයෙක් තැන්වල මෙහෙකාර කමට පත් වේ. ඔබ හොඳින් ඇය දිහාබලන්න. කුලු නැටුමකට දිස්වන කුල්ලක හැඩය ගන්නා නාසය ඇයගේ වැන්දඹු ගති ලක්ෂණ පහළ කරයි.  

 

මාල ගිරා හැඩය ඇති නාසය හිමි කත  

සමහර ස්ත්‍රීන්ගේ නාසය මාල ගිරවකුගේ හැඩය ගනී. ඔබ ඔබ ගැනම තක්සේරුවක් කර බලන්න. මේ අයුරින් ඔබේ ගතිගුණ ඇති වාසනා මහිමය උරගා බලන්න. සියල්ල ජය ගනී. ඔබ ඔබේ සිතින් මැන බලන්න. එවිට ඔබ සිටිනා තැන ඔබේ ගති ලක්ෂණ කණ්ණාඩියේ පෙනෙන රුවමෙන් මතකයේ සටහන් වෙනු ඇත.  

 

 

 


ජ්‍යෙතිෂ විද්‍යා විශාරද 
හේමපාල පතිරණ  
130/1/3 නාගොඩ හතරමංහන්දිය කළුතර