දේශගුණ විපර්යාසයෙන් ලෝකය රැක ගන්න කෑ ගසන දැරිය


ලෝකෙන් ටිකක් 

 

 

 

ග්‍රේටා තුන්බර්ග් යනු දේශගුණික විපර්යාස පිළිබඳ ස්‌වීඩනයේ යෞවන පරිසර ක්‍රියාකාරිනියකි. තවමත් 18 හැවිරිදි වියේ පසුවන ඇය දැන් ලොවක් හඳුනාගෙන හමාරය. ග්‍රේටා ප්‍රථම වරට ඇගේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රසිද්ධියට පත්වූයේ වයස අවුරුදු 15දීය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම සඳහා (ස්‌වීඩනයේදී) “දේශගුණය උදෙසා පාසල් වැඩ වර්ජන” (School Strike for climate) ඇය විසින් ආරම්භ කළ අතර වැඩිකල් යෑමට මත්තෙන් වෙනත් සිසුන් ඔවුනගේ ප්‍රජාවන්හිද එවැනිම විරෝධතාවල නිරත විය. 


ඔවුන් එක්‌ව “අනාගතය වෙනුවෙන් සිකුරා දා” යන නමින් පාසල් දේශගුණික වැඩ වර්ජන ව්‍යාපාරයක්‌ සංවිධානය කළේය. ග්‍රේටා 2018 දී එක්‌සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ඇමතීමෙන් පසුව සෑම සතියකම ලෝකයේ කොතැනක හෝ ශිෂ්‍ය වැඩ වර්ජන සිදුවිය. දේශගුණික අර්බුදය ගැන ඇය විස්‌තර කරන දෙය ගැන ක්‍ෂණිකව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ප්‍රසිද්ධයේ දේශපාලන නායකත්වය ආදීන් එක්‌ රැස්‌වෙන රැස්‌වීම්වල දී ඇය අර්බුදය ගැන කෙළින්ම කතා කළාය. 2019 මැයි මාසයේ දී ග්‍රේටා තුන්බර්ග් “ටයිම් (Time) සඟරාවේ”‍ කවරයේ පළවීමත් සමග ඇය ඊළඟ පරම්පරාවේ නායිකාව ලෙස නම් විය. බොහෝ දෙනෙක්‌ ඇය ආදර්ශමත් චරිතයක්‌ ලෙස දකින බව සඳහන් කළහ. 
ග්‍රේටා ටින්ටින් එලිනෝරා ආර්මන් තුන්බර්ග් (Greta Tintin Eleonora Ernman Thunberg 2003 ජනවාරි 3 වැනිදා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්ස්‌ නගරයේ දී උපත ලැබීය. ඇගේ පියා නළුවකු වූ ස්‌වෙන්ටේ තුන්බර්ග්ය. මව ඔපෙරා ගායිකාවක්‌ වූ මලේනා ආර්මන්ය. ග්‍රේටාගේ සීයා නළුවෙකු හා අධ්‍යක්‍ෂවරයකු වූ ඔලෝෆ් කුන්බර්ග්ය. 
ගෝලීය උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධයෙන් ඊට විරෝධතාව පළ කරන දැරියක් ලෙස මුළු ලෝකය පුරා ඇය ප්‍රසිද්ධ වන විට ඇය වරක් එරට පාර්ලිමේන්තුව ඉදිරියේ ද මීට විරුද්ධව විරෝධතාවල යෙදෙනවා. සෑම සිකුරාදා දිනකම පාසල් නොයන ඇය, ඒ දවස තුළ ස්වීඩනයේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවක යෙදෙනවා. ඒ ගෝලීය උණුසුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ස්වීඩන රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව විරෝධය එල්ල කරමින්. එම විරෝධතා මාලාව 'Fridays for Future' නමින් මුළු ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා. 


පසුව යුරෝපයේ රටවල ශිෂ්‍ය සංවිධාන රැසක් ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර සඳහා අවතීරණය වන අතර, එයට නායකත්වය සපයන්නේ ග්‍රේටා ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු තැකීමක් නොකරන අවස්ථාවක, ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරන ලොව ළාබාලතමයා ලෙස ලෝකය විසින් ඇයව හඳුන්වන්නීය. 


ඇය දේශගුණික විපර්යාස හා ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට අවස්ථාවක් උදා කරගන්නේ මීට වසර කිහිපයකට ප්‍රථමව යි. නමුත් ඇය වඩාත් ලෝකය පුරා ජනප්‍රිය වන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස (COP24) පිළිබඳව 2018 වසරේ පැවති සමුළුවෙන් පසුව යි. එහි දී ලබාගත් ජනප්‍රියත්වය හේතුවෙන් 2019 වසරේ ජනවාරි මාසයේ දී ඇයට ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. 
2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ග්‍රේටා තුන්බර්ගේ නම ද යෝජනා වුවද නමුත්, එය හිමි වෙන්නේ ඉතියෝපියානු අගමැතිවරයා වන අබියි අහමඩ්ට යි. 2019 වසරේ දෙසැම්බර් මාසයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවට (COP25) සහභාගී වීමට හා එය ඇමතීමට අවස්ථාව ලැබෙන අතර එම කාල වකවානුව තුළ යි ඇයට ටයිම් සඟරාව විසින් “වසරේ පුද්ගලයා” යන ගෞරවය පිරිනැමීය.. 


ග්‍රේටා තුන්බර්ග් පවසන්නේ ඇය නව ඇඳුම් මිල දී ගැනීම නවතා දමා ඇති නමුත් ඇගේ 18 වන උපන් දිනය සැමරීම සඳහා බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් සගරාව සමග සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටිනුයේ තමාට වඩා පරිසර හිතකාමී ජීවන රටා තේරීම් ඇති අය ගැන විනිශ්චය නොකරන බවයි. ‘මම කාටවත් කියන්නෙ නැහැ මොනවා කරන්න ද කියා යැයි මේ යොවුන් පරිසර ක්‍රියාකාරිනිය පවසන්නේ ඇය මේවන විට නව ඇඳුම් මිලදී ගැනීම නවතා දමා ඇති නමුත් පියාසර කරන හෝ දරුවන් ඇති අය විවේචනය නොකරන බවයි. ‘ගැටලු‍ව වන්නේ මිනිසුන් නොවේ, එය අපගේ හැසිරීම “යැයි ග්‍රේටා තන්බර්ග් වැඩිදුරටත් කියා සිටින්නීය 
2018 වසරේදී පාසල් වැඩ වර්ජනය ගෝලීය තරුණ ව්‍යාපාරයක් බවට පත් වූ ග්‍රේටා මීට වසර කිහිපයකට පෙර ගුවන් යානාවලින් පියාසර කිරීම නැවැත් වූ අතර ඒ වෙනුවට බෝට්ටුවකින් ගමන් කළේය. ඒ වගේම දැන් ඇය සත්ත්ව ආහාරවලින් තොර වන අතර ඇය “ජනප්‍රිය පාරිභෝගික දේ භාවිත කිරීම නතර කළ බව පැවසුවාය. 
ලොව පුරා පියාසර කරන අතරතුර දේශගුණික හදිසි අවස්ථා ගැන කතා කරන කීර්තිමත් පුද්ගලයින් ගැන ඇය සිතන්නේ කුමක්දැයි ඇසූ විට, ඇය යොවුන් තරුණියක් ලෙස ඔවුන්ව විවේචනය කිරීම ප්‍රතික්ෂේප කරන බව කියා සිටියාය. “මට කමක් නැහැ,” ඇය සන්ඩේ ටයිම්ස් සඟරාවට පැවසුවාය. “මම වෙන කාටවත් කළ යුතු දේ නොකියමි, නමුත් ඔබ මේ දේවල් ගැන හඩ නඟන විට හා ඔබ කියන කරන ආකාරයට පුරුදු නොවී සිටින විට අවදානමක් ඇත. එවිට ඔබ ඒ පිළිබඳව විවේචනයට ලක් වනු ඇති අතර ඔබ පවසන දේ බරපතළ ලෙස ද ඔවුන් ගනු නොලැබේ. ” 


දිගු ගුවන් ගමන්වලින් වැළකී සිටීම පුද්ගලයන්ට ඔවුන්ගේ කාබන් විමෝචනය අවම කර ගත හැකි වඩාත් ඵලදායී ක්‍රමවලින් එකක් වන, දරුවන් බිහි කිරීම හෙවත් වර්ගයා බෝ නොකරන ලෙසට ග්‍රේටා ජනතාවට පැවසීමට සූදානම් නොවන්නීය.. “මම හිතන්නේ නැහැ දරුවන් ලැබීම ආත්මාර්ථකාමීයි,” ඇය පැවසුවාය. “ගැටලු‍ව වන්නේ මිනිසුන් නොවේ, එය අපේ හැසිරීමයි.”‍ 


තවමත් දහ අට හැවිරිදි වුවද ඇයගේ ජීවන රටාව බොහෝ බටහිර යෞවනයන්ගෙන් මෙන් විනෝදකාමී නොවන එම ඇවතුම් පැවතුම්වලින් බොහෝ දුරස් වී සිටින්නියකි. මේ සම්බන්ධයෙන් ග්‍රේටා පවසන්නේ ඇයට ඒවා මග හැරී ඇති බවක් ඇයට දැනෙන්නේ නැති බවය. 


ඇඳුම් ගැන ඇය මෙසේ පැවසුවාය: “මම මට අලු‍ත් ඇඳුම් අවශ්‍ය නැහැ කියන ස්ථාවරයේ සිටින්නියක්. ඇඳුම් ඇති අය මම දනිමි, එබැවින් මම ඔවුන්ගෙන් ණයට ගත හැකිද?, නැතිනම් ඔවුන්ට තවත් අවශ්‍ය නැති දෙයක් තිබේදැයි මම ඔවුන්ගෙන් අසමි. සතුටින් සිටීමට මට තායිලන්තයට පියාසර කිරීමට අවශ්‍ය නැත. මට අවශ්‍ය නොවන ඇඳුම් මිලදී ගැනීමට මට අවශ්‍ය නැත,” යැයි ග්‍රේටා සන්ඬේ ටයිම්ස් පුවත්පත හා පැවසීය. 


වරෙක ඇමෙරිකාවේ ජනාධිපති ධූරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රේටාට “සන්සුන්” වන්නැයි ප්‍රසිද්ධියේ පැවසූ අතර ඊට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ පරිසරය පිළිබඳ ඇගේ දැඩි ආශාව සහ සැලකිල්ල ඇයව පහත් නොකරන බවයි. “මම වාඩි වී අනාගතය කෙසේ වේදැයි අනුමාන නොකරමි, එසේ කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් මට නොපෙනේ,” ඇය පැවසුවාය. “ඔබට දැන් කළ හැකි සෑම දෙයක්ම කරන තාක්කල්, ඔබට මානසික අවපීඩනයට හෝ කනස්සල්ලට පත්වීමට ඉඩ දිය නොහැක.” 
පසුගියා දා යෙදී තිබූ සිය 18 වැනි උපන්දින සැමරුම ඇය සිය පරමාදර්ශී උපන්දින තෑග්ග නම් කළේ “ සෑම දෙයක්ම කළ හැකි බවට සෑම කෙනෙකුගේම පොරොන්දුවක්” ලෙසයි. 
දේශගුණික විපර්යාස ගැන ඇයට අසන්නට ලැබුණේ වයස අවුරුදු 8 දී බවත් ඇය පවසන්නීය. ඉන් වසර තුනකට පසුව ඇය Asperger Syndrome, Obsessive Com pulsive Disorder (OCD) සහ Selective Mutism යන රෝගවලට ගොදුරු වී ඇත. ඒ ගැන කියන ග්‍රේටා....”‍ මට ඇස්‌පර්ජර් සින්ඩ්‍රෝමය, උමතු සම්පීඩන ආබාධ (OCD) සත වරණීය විකෘතිකාමයෙන් පෙළන බව දනිමි. සෑම දෙයක්‌ම කළු හෝ සුදු බැවින් වර්ණවලිය මට වාසියකි. කතා කිරීමට අපහසුතාවයෙන් පෙළුණු මා දැන් කතා කරන්නේ එය අවශ්‍ය යෑයි සිතෙන විට පමණි. දැන් එම අවස්‌ථාවන්ගෙන් එකකි. 


 වසර දෙකකට අධික කාලයක්‌ ග්‍රේටා තම මවුපියන්ට කියා සිටියේ මස්‌ ආහාරයට ගැනීමෙන් සහ ගුවන් ගමන් අඩු කිරීමෙන් වායු ගෝලයට මුදා හරින කාබන් ප්‍රමාණය අඩු කළ හැකි බවය. ග්‍රේටාගේ ඉල්ලීම පරිදි ඔපෙරා ගායිකාවක්‌ වූ ඇගේ මව තම ජාත්‍යන්තර ගායන ජීවිතය අත් හැරියාය. ඇගේ ඉල්ලීම් වූයේ ස්‌වීඩන රජය පැරිස්‌ ගිවිසුමට අනුව කාබන් විමෝචනය අඩුකරන ලෙසය. ස්‌වීඩන් මහ මැතිවරණයෙන් පසුව ග්‍රේටා පාසල් වැඩ වර්ජන කිරීම සඳහා ලොව පුරා පාසල් සිසුන්ව උනන්දු කළාය. අවම වශයෙන් නගර 270 ක සිසුන් 20,000 කට වැඩි සංඛ්‍යාවක්‌ වැඩ වර්ජන පවත්වා තිබේ. 2019 මාර්තු වනවිට ග්‍රේටා සෑම සිකුරාදා දිනකම ස්‌වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය නිරන්තර විරෝධතා පැවැත් වූ අතර ඊට අනෙක්‌ සිසුන් ද එකතු වූහ. ඇගේ මේ විරෝධතාවලින් පාසල් කටයුතුවලට බාධාවක්‌ එල්ල වූයේ නැත. 


2019 අගෝස්‌තු මාසයේ දී ග්‍රේටා මුහුදු යාත්‍රාවක නැගී අත්ලන්තික්‌ සාගරය හරහා එක්‌සත් රාජධානියේ ප්ලිමුත් සිට එක්‌සත් ජනපදයේ නිව්​ෙ‌යා්ර්ක් දක්‌වා ගමන් කළාය. එය සූර්ය බල ශක්‌ති පැනල සහ දියයට ටර්බයිනවලින් සමන්විත අඩි 60ක්‌ දිග යාත්‍රාවක්‌ විය. වායු විමෝචනය අවම කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝකය අවදි කිරීම ග්‍රේටාගේ මෙම සංචාරයේ අරමුණ විය. නමුත් ප්‍රංශය වාර්තා කළේ යාත්‍රාව නැවත යුරෝපයට ගෙන යෑම සඳහා කාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනෙක්‌ නිව්​ෙ‌යා්ර්ක් බලා ගුවනින් ගමන් කළ බවයි. මෙම ගමනට දින 15 ක්‌ ගතවිය. ඇය 2019 අගෝස්‌තු 14 සිට 28 දක්‌වා ඇමෙරිකාවේ සිටිය දී නිව්​ෙ‌යා්ර්ක් නගරයේ එක්‌සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරි සමුළුව සහභාගි වූවාය. 


 2019 අගෝස්‌තු මාසයේ දී දේශගුණික අර්බුදයට පිළියම් සොයන ළමා පොත් සංඛ්‍යාව දෙගුණ වූ අතර, එවැනි පොත් අලෙවියෙහි ද ඒ හා සමාන වැඩිවීමක්‌ වාර්තා විය. දේගුණික හදිසි අරමුදල පිහිටුවීම සඳහා සහ පාසල් වැඩ වර්ජන කණ්‌ඩායම්වලට සහාය වීම සඳහා ග්‍රේටාගේ ආනුභාවයෙන් එක්‌සත් ජනපදයේ ධනවත් පරිත්‍යාගශීලීන් සහ ආයෝජකයන් පවුම් මිලියන භාගයක්‌ පමණ පරිත්‍යාග කර ඇත. 


 රුසියාවේ ජනපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ සමහර විචාරකයන් දේශගුණික විපර්යාස පිළිබඳව ඇය පමණ ඉක්‌මවා යන බවටද ප්‍රකාශකර විවේචනය කර ඇත. රුසියානු නායක පුටින් ඇයව විචේචනය කළේ “දුර්වල දැනුමක්‌ ඇති දැරියක්‌”‍ ලෙසය. 
 2019 මාර්තු 13 වන දින ස්‌වීඩන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දෙදෙනකු සහ නෝවේජියානු පාර්ලිමේන්තු නියෝජිතයන් තිදෙනකු “සාම නොබෙල් ත්‍යාගය”‍ සඳහා අපේක්‍ෂකයකු ලෙස ග්‍රේටා තුන්බර්ග් ව නම්කරන ලදී. පුද්ගලයන් 223 ක්‌ සංවිධාන 78 ක්‌ ඇතුළු නාම යෝජනා 301 ක්‌ මෙයට තිබූ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ එය ග්‍රේටාට ලැබෙන බවය. එහෙත් එම ත්‍යාගය ලැබුණේ ඉතියෝපියානු අගමැති අබී අහමද්ටය. 


 2019 මාර්තු 31 ග්‍රේටාට ජර්මානු ගෝල්ඩන් කැමරා (Goldene Camara) විශේෂ දේශගුණික ආරක්‌ෂණ සම්මානය හිමිවූවාය. කථන නිදහස සමරන නෝර්වීජියානු ෆ්‍රිට්‌ ඕඩ්ස්‌ ත්‍යාගය (Frittord Award) 2019 අප්‍රේල් 12 දින ග්‍රේටා විසින් නේචර් ඇන්ඩ් යූත් සංවිධානය සමග බෙදා ගත්තේය. ආර්ටික්‌ ප්‍රදේශයේ නෝර්විජියානු තෙල් ගවේශනය නැවැත්වීමට උත්සාහ කරන නඩුවකට ග්‍රේටා එම ත්‍යාග මුදලින් කොටසක්‌ ප්‍රදානය කළේය. 


 2019 මැයි මාසයේ දී මොන්ස්‌ විශ්වවිද්‍යාලය නිවේදන කළේ ග්‍රේටා තුන්බර්ග් ට වෛද්‍ය ගෞරව සම්මානයක්‌ ප්‍රදානය කළ බවයි. 


 රාජකීය ස්‌කොට්‌ලන්ත භූගෝලීය සංගමය ග්‍රේටාට 2019 දී ගෙඩ්ස්‌ පරිසර පදක්‌කම ප්‍රදානය කරන ලදී. 2019 මැයි මාසයේ දී චිත්‍ර ශිල්පි ජෝඩි තෝමස්‌ බ්‍රිස්‌ටල්හි තාප්පයක අඩි 50 ක්‌ දිග බිතු සිතුවමක්‌ පින්තාරු කළේය. එහි ඇගේ මුහුණේ පහළ කොටසනි රූපණය කරන්නේ ඉහළ යන මුහුදු ජලය යටින්ය. දේගුණික ව්‍යාපාරයේ නායකත්වය වෙනුවෙන් ග්‍රේටාට ඔවුන්ගේ වඩාත්ම ගෞරවණීය සම්මානය වන හෘද සාක්‌ෂියේ තානාපති සම්මානය ලබාදෙන බව ඇමිනෙස්‌ට්‌ ඉන්ටර් නැෂනල් 2019 ජුනි 7දා නිවේදනය කෙළේය. බ්‍රිතාන්‍ය වෝග් සඟරාවේ කවරයේ 2019 සැප්තැම්බර් කලාපයේ ග්‍රේටා තවත් කාන්තාවක්‌ 15 ක්‌ සමග පෙනී සිටියේය. මෙම කවරය සසෙක්‌ස්‌ හි ආදිපාදිවරිය වන කර්තෘ මේගන් විසින් නිර්මාණය කරන ලදී. සැප්තැම්බර් 25 වනදින ස්‌වීඩනයේ විකල්ප නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන “නිවැරදි ජීවනෝපාය සම්මානයෙන්”‍ 2019 (පිදුම් ලැබූ සිව් දෙනාගෙන් එක්‌ අයෙකි ග්‍රේටා 2019 සැප්තැම්බර් 27 වන දින කැනඩාවේ මොන්ටියෙල් නගරයේ නගරාධිපති වැලරි ප්ලාන්ටේ විසින් ග්‍රේටා තුන්බර්ග්ට යතුර ප්‍රදානය කරන ලදී. නගර යතුර ලැබීමෙන් පසු ග්‍රේටා කීවේ “මට ඇදහිය නොහැකි තරම් ගෞරවයක්‌ ලැබෙනවා”‍ කියාය. 2019 ඔක්‌තෝබර් 8 වන දින ග්‍රේටා සහ ස්‌වදේශික ඇමෙරිකානු යොවුන් දේශගුණික ක්‍රියාකාරිකයෙකු වන ටොකාටා සමග ස්‌ටැන්ඩිං රොක්‌ ඉන්දියානු රක්‌ෂිතයේ උතුරු ඩැකෝටා පැත්තේ දේශගුණික කමිටුවකට සහභාගි විය. කමිටු සාකච්ඡා අවසානයේදී ග්‍රේටාට “ලකෝටා”‍ නමක්‌ පිරිනමන ලද්දේ ස්‌ටැන්ඩිං රොක්‌ ප්‍රධානි ආවෝල් ලු‍කිං විසිනි. ග්‍රේටාගේ “ලකෝටා”‍ නාමය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ “ස්‌වර්ගයෙන් පැමිණි කාන්තාව”‍ යනුවෙනි. එහි ගෝත්‍රික සාමාජිකයන් පවසන්නේ ඇය ලෝකය අවදිකරන බවත් ඔවුන් ඇයගේ මෙහෙවර වෙනුවෙන් පෙනී සිටින බවත්ය. 
 බ්‍රිතාන්‍යයේ පළ​ෙවන “ ද සන්ඩේ ටයිම්ස් ”‍ සඟරාව ඇසුරෙනි.....

 

 

සටහන - තිළිණි ද සිල්වා