කාන්තාවන් අනාචාරයට යොමු කරන ග්‍රහ පිහිටීම


යම් ස්ත්‍රියක් උපත ලබන විට ජන්ම ලග්නය රවි, කුජ, ශනි වැනි පාප ග්‍රහයකුගේ වී පාප ග්‍රහයකු ලග්නයේ වුයේද, චන්ද්‍රයා පාප ග්‍රහයකුගේ රාශියක හෝ පාප සමඟ හෝ සිටියදී එම ලග්න චන්ද්‍ර දෙදෙනා සුබ ග්‍රහ දෘෂ්ටි නොලබා නම් ඇය අධික කාමාශාවෙන් පෙළෙන තැනැත්තියක වේ. ඒ හේතු කොට ගෙන ඇය තම සැමියා මරා දමා සොර සැමියන් සොයන්නියක වේ.   


තවද මේෂ රාශිය හෝ වෘෂ්චික රාශිය අටවැන්න හෝ දොළොස්වැන්න වී එයින් එක් රාශියක රාහු සිටියේ නම් ඇය සැමියාගෙන් වෙන් වී යන බවත් කටක රාශිය හත්වැන්න වී එහි රවී සමග කුජ සිටියේ නම් ඇය සොර සැමියන් සොයා යන්නියක වේ. 

 

 

කාන්තාවකගේ ජන්ම ලග්නාධිපති හෝ හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වර්ගවල සිටියදීවත් ලග්නයේ හෝ හත්වැන්න පාප ග්‍රහයන්ගේ වර්ග වූයේ නම් ඇය තම සැමියා විනාශ කර සොර සැමියන් සොයා යන තම කුලය පවා නැති කරන කාන්තාවක් වේ. උපතේදී ලග්නය හතර, හත, අට, දොළහ යන එක් රාශියක පාප ග්‍රහයකු සමඟ කුජ සිටියේ නම් ඇය සැමියගෙන් වෙන්වී සොර සැමියන් සමඟ යන්නියක් බවට පත් වේ. 


ස්ත්‍රි කේන්ද්‍රයක කුජගේ අංශකයක සතුරන් සිකුරුගේ අංශකයක කුජත් සිටියේ නම් ඇය කාමයෙන් මත් වූ අභිසාරිකාවක් වේ. තවද කුජ සහ සිකුරු බල රහිතවද හත්වැන්නේ සිටියේද ඇය සොර සැමියන් සොයා යන කෙනෙකු වේ. 


කාන්තාවකගේ උප්පත්ති කේන්ද්‍රයේ ලග්න චන්ද්‍ර දෙදෙන මිථුන, කන්‍යා දෙකින් යුක්ත වූ කල එම රාශි දෙකින් එකක සිකුරුගේ ත්‍රිවශාන්ශකය වූයේද ඇය කාමයෙන් පීඩිත වන්නියකි. ස්ත්‍රියකගේ ලග්නය සහ හත්වැන්න අධිපති ග්‍රහයන් පාප ග්‍රහයකුගේ රාශියක සිටීම සහ ලග්නයට සහ චන්ද්‍රයාට සිකුරුගේ බැල්ම නැති වීම හේතු කොට ගෙන ඇය දුෂ්චරිතයට යොමුවේ. 


යම් කාන්තාවක් තුලා ලග්නයෙන් ඉපිද බුධ, සිකුරු සංයෝග වූයේද අටවැන්න වූ වෘෂභගේ සඳු සිටියේද මකර ලග්නයෙන් උපත ලබා රවි, කුජ යෝගවී සත්වැන්නේ සිටියේද 12, 1, 3, 7 භාවයන්හි පාප ග්‍රහයන් සිටීම හෝ සඳු, කිවි, කුජ හත්වැන්නේ සංයෝගවීම කාමුකත්වය වැඩි කරන යෝගයක් බැවින් එවන් ස්ත්‍රීන් අනාචාරයට යොමු වන අය වේ. 


කේන්ද්‍ර සටහන 1 


මෙම කේන්ද්‍ර හිමි කාන්තාවගේ ලග්නාධිපති හත්වැන්නේ සිටීම හේතු කොට ගෙන කාමුකත්වය වැඩි වේ. මේ හේතුවෙන් ඇය හිතුවක්කාරීව අඩු වයසේදී විවාහ වෙයි. ඇගේ දසවැන්න සහ එකොළොස්වැන්න අධිපති සෙනසුරු ලග්නයේ සිට හත්වැන්නට දෘෂ්ටි හෙළීම නිසා විවාහ ජීවිතය අවුල් සහගත වී ඇත. ඇගේ හත්වැන්නාධිපති අටවැන්නේ සිටීම ඇය බලා​පොරොත්තු වන කම්සැප ඇයට ලැබෙන්නේ නැත. මේ නිසා ඇය පළමු සැමියා අතහැර වෙනත් අයකු සොයා යයි. මේ ආකාරයට සැමියන් තිදෙනෙකු සම්බන්ධ කර ගැනීමට ඇයට සිදු විය. 


කේන්ද්‍ර සටහන 2 


මෙම කේන්ද්‍රයේ කුජ ශුක්‍ර යෝගය පස්වැන්නේ යෙදී ඇත. එය කාමාධික යෝගයකි. මෙහි සිකුරු නීචය. එනිසා සිකුරුගෙන් යහපතක් සිදුවීමට ඉඩ නැත. මේ නිසා ඇය දෙමාපිය වැඩිහිටි අයට හොරෙන් විවාහ විය. හිතුවක්කාරීව විවාහ වුවත් ඇගේ ලග්නයේ සිටින සෙනසුරුගෙන් යහපතක් නොවීය. විවාහය අවුල්විය. ඉතා ටික කලකදී සැමියා ඇය අතහැරිය. ඇයට වෙනත් පුරුෂයකු සොයා ගැනීමට සිදු විය. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යෝතිෂ්‍යවේදී වාස්තු උපදේශක 
යාන්ත්‍රික ඉංජිනේරු 
නිශාන්ත විජේසේන 
174/22, තුත්තිරිහේනවත්ත, මීරිගම පාර, වේවැල්දෙණිය.