අල්ලා ගත් මත්කුඩු තොගයක් වාෂ්ප කර විනාශ කළේ මෙහෙමයි


 

දකුණු ආසියාවෙන් අල්ලාගත් විශාලතම​ ​ෙකාකෙන් මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන කිලෝ 928යි ග්‍රෑම් 229 ක් පමණ ප්‍රසිද්ධියේ විනාශ කර දමනු ලැබුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.

   
මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රටේ විධායක ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයකුගේ ඇස් පනාපිටම විනාශකර දැමුවේ ද පළමු වරටය.   


මෙය ද සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකිය හැකිය.   


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට විනාශයට පත්කරන ලද කොකෙන් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 1400 ක් පමණ වෙයි.   
මෙපමණ කාලයක් පුරාවට අල්ලාගත් මත්ද්‍රව්‍ය අධිකරණ නියෝග මත විනාශයට පත් කළේ අප්‍රසිද්ධියේය.   


ඒනිසා අල්ලාගන්නා මත්ද්‍රව්‍ය තොගවලට මොකද වෙන්නේ කියන එක ගැන සමාජයේ බොහෝ දෙනෙකු තුළ තිබුණේ සැක සංකාය.   


අල්ලාගන්නා මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ගේ අතට පත්වන බව ඒ සැක සංකා අතරින් ප්‍රධාන තැනක් ගෙන තිබිණි.   


මෙපමණ කාලයක සිදුවූයේ අල්ලාගත් මත්ද්‍රව්‍ය තොග දියකර වළ දැමීම හෝ වළක් තුළට දමා පුළුස්සා දැමීමය.   


මේ ක්‍රියාවලිය සිදුවූයේ ද මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්‍ෂණය යටතේය.   


විනාශ කිරීම කළත් එසේ විනාශ කිරීමට නියම කෙරුණු මත්ද්‍රව්‍ය තොගවලින් කොටසක් යළිත් ජාවාරම්කාරයන් අතට පත්වන බවට මෙතෙක් කාලයක් තිබූ සැක සංකා, ලැබුණ කටකතාවලට තිත තබමින් අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශයට පත් කෙරිණි. වෙන කිසිවක් නිසා නොව මේ ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිද භාවයකින් සිදු කෙරුණු නිසාය.   


කොකෙන් තොගය විනාශ කිරීමේ ක්‍රියාවලියේ මුල් පියවර පසුගිය 15 වැනිදා උදේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ පිහිටා තිබෙන INSE ECOCYCIC ආයතන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.   


ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මධ්‍යයේය.   


​​​පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ​පොලිස්පති නන්දා මුණසිංහ, බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල යන මහත්වරු ද මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.   


රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සුරක්‍ෂිත ලෙස ගබඩාකර තිබූ මෙම කොකෙන් තොගය විනාශ කිරීමේ පළමු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ INSE ECOCYCIC ආයතන පරිශ්‍රය වෙත ගෙන ඒමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ පූර්ණ පරීක්‍ෂාවට ලක්විය.   
ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා කොකෙන් තොගයේ බර කිරා සටහන් යොදා ගැනීමෙන් පසු රජ​ෙය් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් විසින් කොකෙන් තොගයෙන් යම් ​කොටසක් ලබාගෙන ඒවා නියැදි පරීක්‍ෂාවකට ලක්කරනු ලැබීය.   


INSE ECOCYCIC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙම කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ ක්‍රමවේදය ගැන රැස්ව සිටි අය හමුවේ පැහැදිලි කර දුන්නේය.   


නියැදි පරීක්‍ෂා කිරීම්වලින් පසු කො​ෙකන් මත්ද්‍රව්‍ය තොගය රසායන ද්‍රව්‍යයක් මිශ්‍රකර තිබූ ජලයේ බහා ඒවා දිය කිරීම ආරම්භ කෙරිණි.   


රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත ජලයේ දියකිරීමේ කටයුත්තට නිලධාරීන් සහභාගී වූයේ අන්තර්ජාතික ප්‍රමිතීන්ගෙන් සමන්විත ආරක්‍ෂිත ඇඳුම් (Personal protective equipment) ඇඳගෙනය.   
එවැනි විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳ​ෙගන කොකෙන් විනාශ කිරීමේ කටයුත්තට නිලධාරීන් සහභාගී වූයේ එ්වා ඔවුන්ට ආඝ්‍රහණය වැළැක්වීම සඳහාය.   


අති භයානක මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ දී ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙවැනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටල භාවිතයට ගැනේ.   


මෙම කටයුත්ත සිදුකරනු ලැබූවේ මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.   


කොකෙන් තොගය, විෂමත්ද්‍රව්‍ය, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව දියකර විනාශ කිරීමෙන් පසු වි​ෙශ්ෂ රථයකට දමාගෙන පුත්තලම සංස්ථා සිමෙන්ති සමාගම් වෙත රැගෙන ගියේ විශේෂ පොලිස් රැකවල් මතය.   


දියර බවට පත්ව තිබූ කොකෙන් මත්ද්‍රව්‍ය දහනය කරනු ලැබුවේ එම සිමෙන්ති සමාගමේ උදුනක් තුළ සෙල්සියස් අංශක 1800-2000 අතර උෂ්ණත්වයක් යටතේය.   


දියර බවට පත්ව තිබූ කොකෙන් තොගය තත්පර 04 ත් 06 ත් අතර කාල පරාසයක් තුළ දැවී ගියේය.   


මෙවැනි දහනය කිරීමක් සිදුකළේ පරිසරයට පමණක් නොව ප්‍රජාවගේ සෞඛ්‍යයට ද තර්ජනයක් නොවන ආකාරයෙනි.   


මෙම ක්‍රියාවලියට මුල පටන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ද, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහුද සහභාගී වී සිටියහ.   


මෙසේ විනාශ කළේ මෙරට විකිණීමට ගෙනා කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් නොවේ.   


මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත නෞකාව අල්ලාගනු ලැබුවේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි කමල් සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකරන වැටලීමක ප්‍රතිඵලයක් වශයෙනි. 

 
කොකෙන් මත්ද්‍රව්‍ය තොගය අල්ලාගනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේ 09 වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ ජැටියේදීය  


 ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කිරීමට ආ MSC-Fabiola නමැති නෞකාවේ තේක්ක දැව තොග පටවා තිබූ කන්ටේනර් ගණනාවක් අතරින් අංක Medu 1021886 දරන කන්ටේනරයක් තුළ මෙම ​ෙකාකෙන් තොගය සඟවා තිබී ඇත.   


මෙම නෞකාව ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා මෙරට පැමිණ ඉන්දියාවේ මුන්රා වරාය වෙත යාත්‍රා කිරීමට සූදානම්ව තිබිය දී ​​​පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ​පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර දකුණු ආසියාවේ විශාලතම කොකෙන් මත්ද්‍රව්‍ය තොගය ​ෙසායාගෙන තිබිණි.   


සොයාගත් කොකෙන් තොගය ඉන්දියාවට ගොඩ බෑමට රැගෙන යමින් තිබූ බව පසුව කළ පරීක්‍ෂණවලින් හෙළිවිය.   


නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මේ සම්බන්ධ​ෙයන් ප්‍රශ්න කළත් ඔවුන් මේ කොකෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු වූයේ නැත.   


කොකෙන් මත්ද්‍රව්‍ය තොගය නෞකාවට පටවා ඉන්දියාවට යැවීමට සැලසුම් කළ ජාවාරම්කරුවන් ගැන තොරතුරු අනාවරණය කර ගෙන මේ වනතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැත.   


මෙම කොකෙන් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඉදිරි විමර්ශන සිදුකරනු ලැබුවේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් පරීෂකවරුන්වන තාරක සුබෝධ, විජේසේකර, කාන්තා පොලිස් පරීක්‍ෂිකා නිලූකා චාමලී මහත්මිය, උපපොලිස් පරීක්‍ෂකවරුන් වන ජේ.ඒ.ජේ. සුජීව සහ උදාර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. 

 
මෙරට විකිණීමට ගෙනවිත් තිබිය දී ​ෙහරොයින්, කො​ෙකන් ඇතුළු විවිධ වර්ගවලට අයත් මත්ද්‍රව්‍ය තොග පිටින් වරින් වර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව විසින් අල්ලාගෙන තිබිණි.   


එසේ වරින් වර අල්ලාගත් ඒ මත්ද්‍රව්‍ය තොග කෝ? ඒවා කොහේද තිබෙන්​ෙන් කියන ප්‍රශ්නය ද මෙය කියවන කාටත් ඇතිවනවා නොඅනුමානය. 

 

 

‘‘වරින්වර අල්ලාගත් මත්ද්‍රව්‍ය කිලෝ 1,528 ක පමණ තොගයක් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඉතා ආරක්‍ෂාකාරී ලෙස ගබඩාකර තිබෙනවා. අපි එදා විනාශ කළ කොකෙන් තොගය ඒ අතරින් ​ෙකටසක් පමණයි. ඉතිරිව ඇති මත්ද්‍රව්‍ය තොගය ද ඒ හා සම්බන්ධව පැවැත්වෙන නඩු කටයුතු හා නීතිමය කටයුතු අවසන්වූ විගසම මෙවැනි ආකාරයට ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පියවර ගන්නවා.’’   


ඒ පැහැදිලි කිරීම ​ෙපලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගෙනි.   


මෙම කොකෙන් තොගය මෙසේ විනාශකර දැමීමට සති දෙකකට පමණ කලින් නිසියාකාරව මුළු කොකෙන් තොගයම පුද්ගලයන්ට හා පරිසරයට හානියක් නොවන ආකාරයට විනාශ කළ හැකි දැයි සොයා බැලීමට විශේෂ රසායනාගාර පරීක්‍ෂණයක් දවසක් පුරාවට සිදුකර ඇත.   


විශේෂ රසායනාගාර පරීක්‍ෂණය සිදුකර ඇත්තේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තිබෙන රසායනාගාරයක් තුළදීය.   


අධිකරණයෙන් ලබාගත් විශේෂ අවසරයක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විනාශකර දැමීමට තීරණය කර තිබූ කො​ෙකන් තොගයෙන් කිලෝ 1 ක පමණ ප්‍රමාණයක් ලබාගෙන රසායනාගාර පරීක්‍ෂණයක් සඳහා බාරදී ඇත.   


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාරයේ දී විශේෂඥයන් විසින් එම කොකෙන් තොගය ජලයේ නිසි පරිදි දිය වෙන්නේ ද යන්න ගැනත් ජලයේ ඇති පී.එච්. අගයේ කිසියම් වෙනසක් සිදුවෙන්නේ ද කියන එක ගැන දවස පුරාම පරීක්‍ෂණ සිදුකර ඇත.   


මෙම රසායානාගාර පරීක්‍ෂණය සිදු කෙරී ඇත්තේ ​ෙපාලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතා ප්‍රධාන එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරිපිටදීය.   


කොකෙන් කිලෝ 1 ක පමණ ප්‍රමාණයක් ජලයේ දියකරන ලද එම සාන්ද්‍රණය විශේෂිත ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සෙල්සියස් අංශක 1800 සහ 2000 අතර උෂ්ණත්වයක් යටතේ ස්ථාපිතකර ඇති උදුනක් තුළ බහා දහනය කිරීමට සලසා තිබේ.   


මෙම සාන්ද්‍රණ සාම්පලය දහනය කිරීමේ දී එයින් මිනිස් සිරුරට හෝ පරිසරයට හානියක් නොවන බව ද තහවුරුකර ගෙන ඇත.   


මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥයන් පරීක්‍ෂා කර බලා මෙයින් පරිසරයට හෝ මිනිස් සිරුරට හානියක් නොවන බවට තහවුරු කරගෙන ඇත.   


ඉතිරි විශාල කො​ෙකන් තොගය විනාශ කර දැමීමට පියවර ගත්තේ එවැනි විශේෂ රසායනාගාර පරීක්‍ෂණවලින් පසුවය.   


කටුනායක දී දියර බවට පත්කළ කොකෙන් ටැංකි 04 ක බහා පුත්තලමට ප්‍රවාහනය කළ අතර එම ටැංකි ද පසුව කොටස්වලට කපා එම උඳුනේම දමා ඝන අපද්‍රව්‍ය බවට පත් කරනු ලැබීය.   


එයින්ද නොනැවතී මේ කටයුත්ත සිදුකිරීමේ දී නිලධාරීන් හැඳ සිටි වි​ෙශ්ෂිත ආරක්‍ෂිත කබා සියල්ල ද එම උදුනේම දමා පුලුස්සා  ඇත.   


වෙනත් ​ෙබාහෝ රටවල මත්ද්‍රව්‍ය විනාශ කරනු ලබන්​ෙන් ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් ගිනි තැබීමෙනි.

 

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය