ජනපතිවරණයට ගෝඨාභය


(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති රාජපක්ෂවරුන්ගේ හමුවකදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගිවී ඇති බව දැන ගන්නට තිබේ. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමේ කටයුතු භාරගෙන රටපුරා යාමට තමන් සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.