සැනසුම උදාවේවා මේ නව වසරේ


තන්හා, ක්‍රෝද, ​ෙවෙරෙන් හදවත පිරුණු   
මිනිසුන්ගෙන් වෙලා ඇත ලෝකය දරුණු 
සාධාරණය, නීතිය ගොස් වල් වැදුණු 
සැනසුම ඇත්තෙ පමණකි මිනිසට මැරුණු 
 
මැවූ අය අනාවක සුභ සිහිනය සොඳුරු 
ආගාදෙට වැටී ඇත ලෝකෙක අඳුරු 
නිසි අය නිසි තැනට හිමිකම් කියන තුරු 
යුක්තිය රැකේ යැයි සිතනා එකත් බොරු 
 
පුරවන විටදි ඇති අය තව තව මල්ල 
හාමත් වී නිදයි කහවනු නැති ගොල්ල 
නිදහස ලබා දුන්නත් රණ විරු ගොල්ල 
පාතාලයත් තවමත් ගන්නව බිල්ල 
 
පතුරණ දෙසු දහම් සම්බුදු තිලෝගුරු 
සිටිය රටේ පින්බර බුදුපුතුන් ගරු 
සිල්වත් එවන් හිමිවරු හට කර නිගරු 
විකුණයි බුදු බවත් ඇඳගත් අය සිවුරු 
 
වලිගය ගිනි අරන් දුවනා අය අතරේ 
දුටුවෙමි මාලු බානා අය බොර වතුරේ 
නොවැටෙය බිමට රැය නිදනා අය පැදුරේ
ඉපදුන නිසාවට ඔහෙ වැනෙව අඳුරේ 
 
නව වසරට උදාවෙයි හිරු නැගෙන හිරෙන් 
පැතුමකි නැගුනු ලක්වැසි දන හද පතුලෙන් 
මැරකම් කරන අය නීතිය අතට අරන් 
වේවා ලබන වසරෙදි සඳහටම තුරන් 
 
සරත් වීරසේකර 
ටොරොන්ටෝ - කැනඩාව.