රෝම ශාක්‍යමුණි විහාරයේ වස් කාලය තුළ පළමු බෝධි පූජා පිංකම


ඇසළ පුන් පොහොයෙන් ඇරඹුණු වස් පිංකම් මාලාවේ පළමු වැනි බෝධි පූජා පිංකම 29 වැනි ඉරු දින සන්ධ්‍යාවේදී රෝම ශාක්‍ය මුණි විහාරස්ථානයේදී සිදුකළහ. ශ්‍රී ලංකාවේ බෞද්ධ පින්වතුන්ට මෙන් දිනපතා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල යෙදීමට යුරෝපා රටවල සිටින බෞද්ධ පින්වතුන්ට වාසනා පින් නැති වුවද, ලැබෙන ඉරු දින නිවාඩු දිනයේ සෑම බෞද්ධ පින්වතෙක්ම විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු වල නිරතවෙමින් බෝධි පූජා සිදු කරමින් පින් කුසල් රැස් කර ගනු ඇත. 

 
එ් අනුව ශාක්‍යමුණි විහාරස්ථානය නායකහාමුදුරුවන් වූ ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මැද 29 වැනි ඉරු දින ද අටවිසි බුද්ධ වන්නාවක් සිදුකර බෝධි පූජා පිංකමක් සිදු කළහ.   
සිද්ධත්ථ ස්වාමීන්වහන්සේ සුමධුර ලෙස බෝධි පූජා වන්දනාව සිදු කර ලෝකවාසී සැමට සෙත් ප්‍රාර්ථනා කර ආශිර්වාද කරමින් පිරිත් සජ්ඣායනාවක් කළහ.   


වස් තුන් මාසයේ සිදුරකන පිංකම් මාලාවේ පළමු පිංකම අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා අට විසි බුද්ධ පූජාවක් පූජා කරන්නට ලැබීම අප පින්වතුන්ගේ භාග්‍යයක් ලෙස අපට හැඟෙනු ඇත. එම පින් බර අවස්ථාවේ අෂ්ඨ පරික්කාර පූජාවක් ද පූජා කර බොහෝ පින් කුසල් රැස්කර ගත්හ. 

 

 

 

 

 

 

 

 

 

 

 


ඡායාරූප වලින් දැක් වෙන්නේ එම අවස්ථා කිහිපයකි.
ප්‍රේමා කංකානම්ගේ   
ඡායාරූප - 
අනුරුද්ධි සිල්වා, රෝමය.