මහ බලවතුන් ලොව තැති ගන්වන න්‍යෂ්ඨික අවදානම ගැන පාප් තුමා අනතුරු අඟවයි


 

මහා බලවතුන් න්‍යෂ්ඨික අවි අත තබාගෙන එකිනෙකාට තර්ජනය කිරීමෙන් හා අභියෝග කිරීමෙන් ලොව තැතිගන්වා ඇති බව පාප්තුමා මාධ්‍යවේදීන් පිරිසක් අමතා ප‍්‍රකාශ කර ඇතග පාප්තුමා චිලී රාජ්‍යයේ අපොස්තලික සංචාරයක් සඳහා ජනවාරි මස පහළොස්වෙනිදා රෝමයෙන් පිටත්ව යද්දීල ගුවන් යානය තුළ පාප්තුමන් සමග ගමන් කරමින් සිටි හැටක පමණ මාධ්‍යවේදීන් හමුවේ න්‍යෂ්ඨික තර්ජන අවදානම පිළිබඳව තම බලවත් පසුතැවිල්ල ප‍්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

  
 න්‍යෂ්ඨික අවි දරන්නන් අතින් සිදුවිය හැකි සුළු අත්වැරැද්දක් වුවද මහා විනාශයකට තුඩු දිය හැකි බව ද එතුමෝ වැඩි දුරටත් ප‍්‍රකාශ කළ බව පැවසේග මෙම අවදානමල සාමය ලැදි කෙනෙකුන්ට සුවබර නින්දක් නොලැබීමට තරම් හේතුවී ඇති බව ද එතුමෝ තවදුරටත් පවසා ඇත.


 ගුවන් යානයේ දී මාධ්‍යවේදීන් ඇමතූ පාප්තුමාල ඉතා සංවේදී ඡායාරූපයක පිටපත බැගින් මාධ්‍යවේදීන් අතර බෙදා දී ඇතග 1945 දී ජපානයේ නාගසාකි නගරයට ඇමෙරිකානුවන් විසින් පරමාණු බෝම්බය හෙළීමෙන් පසුව මියගිය බාල සොහොයුරෙකුගේ මළසිරුර කරපින්නාගත් දරුවකුල බිළිඳු මළසිරුර පිළිස්සීමට භාරදීම සඳහා තම වාරය එනතුරු බලා සිටින අයුරු මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරයිග ඡායාරූපයේ පසු පිටුවේි‘යුද්ධයේ ආනිසංසය’’ යනුවෙන් ලියා ඇතග මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ජෝසප් ඕ ඩොනෙල් නම් වූ ඇමෙරිකානු යුද ඡායාරූප ශිල්පියෙකි.


ජනවාරි මස දහඅටවැනි දින චිලී රාජ්‍යයේ සන්තියාගෝ නගරයේ සිට පෙරූ රාජ්‍යයේ ලිමා නගරය වෙත පාප්තුමා පියාසර කරමින් සිටියදී ගුවන්යානා සේවක මණ්ඩලයේ යුවලක් ආශ‍්‍රීවාදකාර බන්ධනයට ඇතුළත් කළ බව ද වාර්තා වේග මෙම විවාහය ගුවන්යානයක් තුළ ගුවනේදී කරන ලද ප‍්‍රථම විවාහය ලෙස වාර්තාගත වෙනු ඇතග    මෙම අපොස්තලික සංචාරය පාප්තුමා ලතින් ඇමෙරිකානු කලාපය වෙත කරනු ලබන හයවැනි සංචාරයයිග   
පාප්තුමා විසින් මාධ්‍යවේදීන් අතර බෙදා දුන් ඡායාරූපය මේ සමග දැක්වේ.

 

 

 

 

 


   රංජිත් කොස්තාග   
රෝමයල ඉතාලියග