කුවේටයේ ගෘහ සේවිකාවන් විඳින දුක ලංකාවේ බලධාරීන්ට නොපෙනේද ?


 

අප කුවේට් රටට එන්නේ අපගේ රටේ හරිහැටි රැකියාවක් නොමැති නිසාත්, අපගේ රටේ ආර්ථිකයද තරමක් හොඳ නැති නිසාත් වාගේම නැති බැරිව අසරණ තත්ත්වයේ සිටින සේවක සේවිකාවන් බව අප කවුරුත් දන්නා දෙයකි. අප මැදපෙරදිග රැකියාවලට එන්නේ අපගේ ළඟ මුදල් තිබිලා නොවෙයි. ඒ විස්තර අපි කවුරුත් දන්නා දෙයකි.  


අප ඒජන්සියට පාස්පෝට් එක බාරදීලා සෑහෙන කලක් බලා ඉඳලා අවසානයට වීසා ආ බව දැනගත් පසුව ඒජන්සියට ගෙවීමට සිදුවෙයි. ඔය සේරම අප සොයාගන්නේ අ​ෙත් කනේ තිබෙන රත්ත්‍රන් භාණ්ඩ බැංකුවට උකස් තියා, නැතිනම් කුඹුර, ඉඩම් උකස්තියා. ඒවට මාසය අවසානය වන විට පොලියද ගෙවීමට සිදුවෙනවා. අප මැඩිකල්වලට ගෙවන මුදල එයාපොර්ට් ගාස්තු කියලාත් ඒ සියලුම මුදල් ගෙවා නිමකර පසුයි අපට එන්න ලැබෙන්නේ. ඒජන්සියට ගියාම නැති දේවල් මවා පෙන්වනවා. මැදපෙරදිග කියන්නේ සුරංගනා ලොවක් කියා පෙන්වා දෙනවා.  


 පිරිමි අයට නම් පවසනවා ඇපල් ගොඩවල් උඩ තමයි සමහර විට නිද‌ාගැනීමට පවා ලැබෙන්නේ කියා. ඉතින් දැනට අපගේ ඇස් ඉදිරිපිටදීම දුටු දේවල්. කුවයිට් රටේත්, ලංකාවේ වගේ ඒජන්සි තියෙනවා. සෑම තැනම තියෙන්නේ සෑම පොඩි නගරයක් පාසා ඒවා ඇත. නමුත් ඒ ඒජන්සිවල වැඩකරන අප​ෙග් රටේ සේවක සේවිකාවන්​ෙග් ගුණයහපත්කම හරිම අපූරුවට අසරණ අප​ෙග් සහෝදරියන්ට පෙන්වනවා ගෙදරක සේවයට ගිහාම. සමහර ගෙවල්වල හාම්පුතාලා කොපමණ වැඩ රාජකාරි අරගෙන මාසය අවසානයේ පඩිය ඉල්ලා සිටින විට පඩි නොදෙන නිවෙස් බොහොමයි. එවිට තමන් බාරව තිබෙන ඒජන්සියට කියන විට පවසන්නේ මාස තුනක් කුමන විදිහට හෝ සිටින්න කියා. ඉන්පසු මාස තුන හමාරක් මොන විදිහෙන් හෝ සේවය කරලා පසු කතා කළාම ඒජන්සියට. එවිට ඒජන්සියේ සේවකයෝ පවසන්නේ දැන් ඔබව අපට අයිති නැහැ. අපගේ වගකීම මාස තුනයි. ඔබ දැන් එම්බසියට යන්න කියා පවසනවා. එවිට අර අසරණ සහෝදරියට කර කියා ගැනීමට දෙයක් නොමැත.  


සමහරු මේ කාලය වන විට අසනීපෙන්ද සිටිනවා. ඒ අපගේ රටේ පිරිමි කම්කරුවෙකුට වඩා සේවයක් මේ මැදපෙරදිග සිටින කාන්තාවන් කරනවා. උදේ පහට අවදි වුණාම, රාත්‍රී දෙකහමාර විතර වෙනකම් සේවයේ එක දිගට යෙදෙනවා. මෙහෙම අපගේ රටේ තිරිසනෙක්වත් වැඩ නොකරයි.  


ඒ අතර ලංකාවේ පොලී මුදලාලි ලිපි එවනවා මුදල් එවන්න. නැති නම් ඉඩම මට අයිති වෙනවා. නැති නම් රත්‍රන් බඩු අයිති වෙනවා කියලා. ඒ විදිහට තමා මැදපෙරදිග සිටින අපට ප්‍රශ්න මුදල් යවන්න. පමා වුණොත් සැමියාගෙන් දෝෂාරෝපණ ඇසීමට පවා සිදුවෙනවා. මැදපෙරදිග සේවය කරන අපට කිසිම සහනයක් නොමැත. උදේට කාර් හතරක් විතර සෝදන්න ඕනෑ සේවිකාව. අනික අපගේ ඇස් ඉදිරිපිටම දුටු දෙයක් ලිවීමටයි මා මෙය අතට ගත්තේ. නමුත් සියලුම විස්තර සඳහන් කිරීම අප එකම රටක එකම සහෝදරයෝ සහෝදරියන් එකම අම්මගේ දරුවන් විදිහටත් සිතන්නේ බොහොම සුළු පිරිසක් පමණයි.  


අප දුටු දෙය අපගේ සහෝදරියන් දෙනෝද‌ාහක් ඒජන්සියක සිටිනවා. එක්කෙනෙක්ගේ කකුල් දෙකම ඉදිමී ඇවිද ගැනීමටවත් බැහැ. අත්දෙකද ඒ සමානයි. ඒ සහෝදරි දුටු විට අපගේ රටේ අප​ෙග් සහෝදරියක් ලෙසින් අපගේ පපුවලත් තිබෙන්නේ ලේ සහ මස්වලින් සෑදුන ශරීරයක්. ඒ සහෝදරිය දකින සියලුම දෙනාගේ ඇස්වලට කඳුළු පිරෙනවා. ඒ ළමයාව ඒජන්සියට බාර ගැනීමට බැහැ කියා තිබෙනවා. පසුව ඒ ළමයාවත් සමග පොලිසියට ගිහින් හාම්පුතා ඒජන්සියේ සේවකයාට එන්න කියා ටෙලි​ෙ​ෆා්න් කර ඒ ගියාම ටිකට් එක සාද‌ා ලංකාවට යවන්න කියා දවස් දහයක් ඇතුළත. නමුත් ඒ දෙය කර නැහැ අද වන තුරු. අනික ඒ ළමයා ඇවිත් තිබෙන්නේ රත්ත්‍රන් බඩු ටික උකස් තියලා.  


ලංකාවේ ඒජන්සිය පොරොන්දු වෙලා මෙ​ෙහ ආ විගස ඒ මුදල් ගෙවනවා කියලා. දැනට මාස හතරක් පමණ වෙනවා. මෙතන ඒජන්සිය ඒවා ගැන කිසිම උනන්දුවක් නොමැත. ඒ ළමයාගේ ටිකට් මුදල පවා ඒජන්සියේ සේවකයෝ අර ගෙන. කුවයිට් රටේ හාම් පුතාගෙන් තවත් මුදලක් අරගෙන. ඉතින් මෙවැනි අපරාධ කරන ඒජන්සි තිබීමෙන් කිසි තේරුමක් නොමැත. කුවයිට් රටේ තානාපති කාර්යාලය පමණක් තිබීම හොඳයි කියා තමයි අපගේ අදහස.  


 මේ ළමයි සිටින්නේ පරවානියා කියන නගරයේ, අරාබික් කියන සූක් එකේ. ඉතින් අප​ෙග් එම්බසියද මේ හා සමානයි. එම්බසියෙන් ඕනෑම රාජකාරියක් කර ගැනීමට පුළුවනි ඒ අය​ෙග් අතට ඩිනාර් දහයක් විතර දීපු ගමන්. කුවයිට් රටේ අරාබි මිනිසුන් කියන්නේ ඔබලාගේ එම්බසියෙන් සේවකයෙකුට ඩිනාර් දහයක් දීපුවාම ඕන දෙයක් කළ හැකියි කියා. එම්බසියට යන්න බය සහෝදරියොත් සිටිනවා. පිටරටවල්වල මිනිසුන්ට විකුණන බයට. මේ සියල්ලටම ලංකාවෙ අදට පවතින රජයේ සිටින මැති ඇමැතිදුන්ලා මෙය ඔබලගේ නෙත් දෙකට දුටුවේ නම් හරි නීති මාලාවක් සපයා ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්න අපට පැවසීමටද තිබෙන බව අප නොදන්නවා නොවේ. අපගේ රටේ දේශපාලන පක්‍ෂ කොපමණ තිබුණත් ඒ අය මොන දේ කතා කළත් මැදපෙරදිග සේවය කරන එක්කෙනක් ගැනවත් කතා කිරීමට නොහැකි ඇයිද කියා අප නොදනිමි. අප එන විට රජයට පවා ගෙවීම් කර මැදපෙරදිග එන්නේ අප මෙහෙ සේවය කර සුළු මුදලක් ගත් විට එය ලංකාවට එවීමටද කොමිසන්, ලංකාවේ මුදලෙන් ගෙවීමට සිදුවෙනවා. ලිපිය තැපැල් කිරීමට සහ චෙක් සෑදීමට ගෙවන්න සිදුවෙනවා. ලංකාවේ බැංකුවෙන් ඒ චෙක් එක මාරු කිරීමට ගියාම සියයට ගාණක් කොමිස් කපනවා. නමුත් අප ගැන කතා කිරීමට නීතියක් හරිහැටි ක්‍රියාත්මක වන විදිහට වැඩපිළිවෙලක් ගැන කතා නොකරන්නේ ඇයිද? මැදපෙරදිග සේවය කරන සියලුමදෙනා බලාපොරොත්තු වනවා දැනට පවතින රජයේවත් ඔය ජනතාව වෙනුවෙන් කැක්කුමක් තියෙන නිලධාරී මණ්ඩලයක් සිටිනවා. ඒ මහත්මයාලවත් මේ ගැන ටිකක් සොයාබලයි කියා.  


මෙයට කුවේටයේ 
සේවක පිරිසක්.