IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෘථිවියෙන් පිටත ජීවත්වෙන්න සුදුසු ලොවක් හමුවෙලා

 

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සැබෑවක් කරමින්, පෘථිවිවාසී අප කවදා හෝ වෙනත් ග්‍රහලොවක පදිංචියට යන්නේ නම්, ඊට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මීට පෙර ද පෘථිවියට සමාන, ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි සැක කෙරෙන ග්‍රහලෝක රැසක් නාසා විසින් සොයා ගනු ලැබ තිබුණත්, පසුගියදා සොයාගත් ග්‍රහලෝකය සුවිශේෂී වෙයි. ඒ, ප්‍රමාණයෙන් එය හරියටම පෘථිවියට සමාන නිසාය. 


නාසා විද්‍යාඥයන්, සොයාගත් නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ටීඕඅයි 700 ඩී’ යනුවෙනි. ‘ටීඕඅයි 700 ඩී’ ග්‍රහලොව තවමත් විද්‍යාඥයන්ට අබිරහසකි. මෙය පිහිටා ඇත්තේ ද තරුවක් වටා භ්‍රමණය වෙමිනි. ග්‍රහලොව තරුවට ළංව හෝ දුරස්ථව හෝ පිහිටා නැත. එය ජීවත්වීමට සුදුසු තැනක් බව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඒ අනුවය. 
තරුවක් වටා භ්‍රමනය වන ග්‍රහලොවක්, එම තරුවට වඩාත් ළංව හෝ වඩාත් දුරින් හෝ පිහිටන්නේ නම්, එම ග්‍රහලොව පිහිටින කලාපය හැඳින්වෙන්නේ ‘ගෝල්ඩිලොක්’ කලාපය යනුවෙනි. නාසා විද්‍යාඥයන්ට මෙතෙක් හමුවුණු ජීවය පැවැතිය හැකි යැයි සැක කෙරෙන ග්‍රහයන් පිහිටා ඇත්තේ මෙවැනි ‘ගෝල්ඩිලොක්’ කලාපය තුළය. 


‘ටීඕඅයි 700 ඩී’ සහිත තාරකා මණ්ඩලය ඇත්තේ ආලෝක වර්ෂ 100 ක් දුරිනි. මෙතෙක් හමුවී ඇති පෘථිවියට සමාන ග්‍රහලෝක අතරින්, පෘථිවියට ළංව ඇත්තේ මේ ග්‍රහලොව යැයි පැවැසෙයි. අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරන්නේ ආලෝක වර්ෂවලිනි. ආලෝක වර්ෂ 100 ක් යනු පොඩි දුරක් යැයි ඔබට සිතේවි. නැහැ. ආලෝක වර්ෂ 100 ක දුරක් යෑමට අප අපට දැනට පවතින තාක්ෂණය යොදා ගත්තොත් ඒ සඳහා වසර 3,00,000 ක් ගතවනු ඇත. 

 


ලුසිත ජයමාන්න 
‘ද සන්’ ඇසුරිනි 

 



අදහස් (0)

පෘථිවියෙන් පිටත ජීවත්වෙන්න සුදුසු ලොවක් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site