IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිගුරාන සීනි සමාගමට අයත් ඉඩමක් අනවසරෙන් බැකෝ දමා විනාශ කරලා

(වසන්ත චන්ද්‍රපාල)

හිගුරාන සීනි සමාගමට අයත් ගල්මඩුව කලාපයේ මොරවිල්ආරු ප්‍රදේශයේ උක් වගා කර තිබූ භූමියක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් බැකෝ යන්ත්‍රයක් දමා වගාව විනාශ කිරීම හේතුවෙන් උණුසම් තත්ත්වයක් ඇතිවිය.

එන්.පී.සෙල්වන්  නැමැති අයෙකු තම වගාවට පොහොර  ගැසීමට පැමිණී අවස්ථාවේ පිරිසක් පැමිණ තම වගාව බැකෝ යන්ත්‍රයක් දමා විනාශ කරන බව දැක එය වහාම නවත්වන ලෙසට පැවසුවත් ඔහුට බැනවැදී උක් වගාව විනාශ කිරීමට පටන් ගෙන තිබේ. පසුව ඔහු වහාම මේ පිළිබඳව ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම නිලධාරීන් සහ අම්පාර  පොලිසියේ නිලධාරීන් පැමිණ වගාව විනාශ කිරීම නවත්වනු ලැබීය.

පොලිසිය සහ ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන් පැමිණ එය නවත්වන අවස්ථාව වෙන විට උක් වගාවේ අක්කරයකට පමණ භූමියක් විනාශ කර තිබේ.

හිගුරාන සීනි කර්මාන්ත ආයතනයට අයිති මෙම ඉඩම් 1975 වසරේදී උක් වගා කිරීම සඳහා ගොවින්ට ලබාදී තිබේ. මෙම ඉඩම් අයිතිය දැනට ගල්ඔය වැවිලි සමාගම සතුව  පවතින අතර එම ඉඩම් වල ගොවීහු උක් වගා කරති.

එසේ වගා කරන ලද ඉඩමකට අයිතිවාසිකම් කියමින් පාර්ශව දෙකක් නඩු කියා ඇති අතර එම නඩුවෙන් ජයග්‍රහණය කරන ලද අය පැමිණ උක් වගාව බලහත්කාරයෙන් විනාශ කර තිබේ.

අම්පාර පොලිසියේ නිලධාරීන් පැමිණ මෙම ක්‍රියාව නැවත්වීමට උත්සහ ගත් අවස්ථාවේ, උණුසුම් වාතාවරණයක් ඇතිවිය. බැකෝ යන්ත්‍රය පොලිසිය විසින් නිදහස් කිරීමට උත්සහ ගත් අවස්ථාවේ ද ගල්ඔය වැවිලි සමාගමේ පිරිස් එයට විරෝධය පළ කරනු ලැබීය.

පසුව ඉඩම වගා කරන පුද්ගලයා විසින් තමන්ට සිදුවූ හානිය පිළිබඳව  සමන්තුරේ පොලිසියට  පැමිණිලි කර තිබේ.

පසුව දෙපාර්ශ්වයම අම්පාර පොලිසියට ගිය අතර නොවැම්බර් මස 1 වන දිනතෙක් ඉඩමට ඇතුල් නොවන ලෙසට පොලිසිය විසින් උපදෙස් දෙනු ලැබීය.

ගල්ඔය වැවිලි සමාගම විසින් දෙන ආධාර යටතේ මෙම වගාව කර ඇති අතර අනවසරයෙන් ඩෝසරයක් දමා මෙම වගාවට විශාල අලාභයක් සිදුකර ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ සහාකාර වැවිලි කළමනාකරු එච්.එම්.ඒ. බණ්ඩාර මහතා පැවසීය.

 

 

 

 

 



අදහස් (0)

හිගුරාන සීනි සමාගමට අයත් ඉඩමක් අනවසරෙන් බැකෝ දමා විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site