(මුදිතා දයානන්ද)
සැප්තැම්බර් 17 වැනිදා ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ප‍්‍රකාශයට පත් කළේය.
ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය කරනු ලැබුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවති ශ‍්‍රි ලංකා ඉංජිනේරු සභාව පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදීය.
ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ප‍්‍රකාශයට පත් කිරිමේ සංදේශය ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරිමේ කාර්යයට අතීතයේදී, වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් මහගු කාර්යයක් ඉටුකළ හා කරන ඉංජිනේරුවරුන්ට උපහාරයක් ලෙසත් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ප‍්‍රථම නිල කාර්යාලය ආරම්භ කිරීම සිහිපත් කිරීමත් මූලික කරගනිමින් මෙම දිනය නම් කෙරෙන බව ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd