(දයාරත්න ඇඹෝගම)
වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්නක් ලැබීමත් මිල ඉහළ යාමත් හේතුවෙන් තම අතමිට සරු වී ඇති බව මහ විලච්චිය වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවීහු පවසති.
පසුගිය මාස් කන්නයේ වෙළඳපලේ වට්ටක්කා කිලෝව රුපියල් පහකටවත් අළෙවි කර ගැනීමට ගොවීන්ට නොහැකි විය. ඒ හේතුවෙන් මෙවර ගොවීන් වැඩි පිරිසක් වට්ටක්කා වගාවෙන් ඉවත්වී වෙනත් අතුරුබෝග වගාකිරීමට යොමුවී තිබිණි. වට්ටක්කා වගාවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එම ගොවියෝ පසුතැවිල්ලෙන් සිටියහ.
මෙවර මහ විලච්චිය ව්‍යාපාරයේ අක්කර 250කට ආසන්න භූමි ප්‍රමාණයක ගොවියන් විසින් වට්ටක්කා වගා කර ඇති බව මහ විලච්චිය පේමඩුව ගොවිජන සෙවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය. වට්ටක්කා ගොවියෝ අක්කරයකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න ආදායමක් මේවන විට ලබා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ විලච්චිය එකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. එස්. එම්. එකනායක මහතා මෙසේ පැවසීය.
“පසුගිය කන්නවල වට්ටක්කා කිලෝව රුපියල් පහකටවත් අළෙවි කරගන්න අපහසු වුණා. දැන් වෙළඳපලේ වට්ටක්කා කිලෝව රුපියල් 70ට පහසුවෙන් අළෙවි කිරීමට හැකිවී තිබෙනවා” යැයිද හෙතෙම පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අනේ එහෙම තමා වෙන්න. එය ඔය ජනතාව මොනතරම් දහදුක් විදිනවද ගොවිතැනක් කරන්න. ගිය කන්නේ අපි දැක්ක වට්ටක්ක විකුණ ගන්න බැරිව ඒ අය මහපාරේ විදපු දුක් කන්දරාව. කාලෙකින් තමයි මෙහෙම චාන්ස් එකක්එන්නෙ. හැබැයි ඉතිං ගොවීන්ටත් නැති. පාරිභෝගිකයන්ටත් නැති ලාබයක් බොහෝ විට අතර මැදියන් ගන්නව. ( මොකද සිල්ලර මිල ගොඩක් වැඩි ඇති)