(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව කොලින්ජාඩිය රන්දියගම ගම්මානයේ සතියකට ආසන්න කාලයක් බැස නොයා තිබූ ජලය ඉවත් කිරීමට අධි ධාරිතාවයෙන් යුත් අප ජලය ඉවත් කිරීමේ පොම්ප යොදා ගැනීමට අද (26) කටයුතු කර තිබුණි.
රන්දියගම ගම්මානය සතියකට ආසන්න කාලයක් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබූ අතර එම ජලය ගම්මානයෙන් බැස නොයාම නිසා 300 කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්වූහ.
එම ගම්මානයේ නිවාස යට කරමින් පැවති විශාල ජල ප්‍රවාහය ඉවත් කිරීමට ආපදා කළමණාකරණ ඒකකය, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව, වෙන්නප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවස්ථා ගණනාවක උත්සාහ කළද එය සාර්ථක වී නොතිබූ බව කියයි.
එම නිසා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය නොරෙච්චෝල ලක් විජය බලාගාරය සතුව ඇති අධි ධාරිතාවයෙන් අපජලය ඉවත් කිරීමේ යන්ත්‍රය යොදා ගැනිමට මෙසේ කටයුතු කර තිබුනේ ප්‍රථම වතාවටය.
මෙම යන්ත්‍රය මගින් පැයකට අපජලය ඝණ මීටර් 150 ක් ඉවත් කිරීමට හැකියාව පවතින බව කියයි.
මෙම ගම්මානයේ රැස්වි තිබූ ජලය බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කැපු වලකට ක්‍රමයෙන් රැස් කර එතැන් සිට අදාළ යන්ත්‍රය එම වලට බස්සවා ජලය පොම්ප කිරීමට කටයුතු කර තිබුණි.
රන්දියගම ගම්මානයේ රැස්වී තිබූ වැසි ජලය මෙම යන්ත්‍රය මගින් කිලෝ මීටරයක් දුරින් පිහිටි මුහුදට පොම්ප කෙරිණි.
ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවක සහාය පුත්තලම ආපදා කලමනාකරණ ඒකකයට ලැබී තිබූ අතර පුත්තලම 143 වන බලසේනාවේ නිලධාරීහු හා සෙබළු මේ සඳහා දායක වූහ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
රන්දියගම අපජලය ඉවත් කරයි
tharindu Sunday, 27 October 2019 06:02 AM
අහෝ ගම්පෙරලිය බෝර්ඩ් එක