IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රජය පුත්තලමෙන් වී මිලට ගැනීම අරඹයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

රජය මගින් වී මිළදි ගැනිම පුත්තලම දිස්ත්‍රික්කයේ අද (7) ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ 2019 මහ කන්නයේ අස්වැන්න මේ දිනවල නෙළමින්  පවතින බවත් මෙවර රජය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7500 ක් මිළදී ගැනීමට සුදානම් බවද පවසයි.

ඒ අනුව තබ්බෝව හා ආණමඩුව වී ගබඩාවල අද ගොවින්ගේ වි මිලදි ගැනීම ආරම්භ කළ බවත් ඒ සදහා රජය මගින් මුලික අදියරේ දී මිලියන 20 ක් ( ලක්ෂ 200 ) ලබා දී ඇති බවද පැවසීය.

මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 47,000 වී වගාකර ඇති බවද මෙම වගාවෙන් සමස්ත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 88,000 ක් ලැබෙනු ඇති බවට ගොවිජන සංවර්ධන  නිළධාරීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව වාර්තා වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ගොවින් පවසා සිටියේ රජයේ සහතික මිල වන නාඩු රුපියල් 50 බැගින් මිලදී ගැනීම පිළිබඳව සතුටු වන බවත් එය ගොවින්ට හිරිහැරයක් නොවන ලෙසට දිගටම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිති.



අදහස් (0)

රජය පුත්තලමෙන් වී මිලට ගැනීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site